IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිසුන්ට මත්පෙති අලෙවි කළ බෙහෙත් ශාලා හිමිකරුට දඩ

(උපාලි ආනන්ද)
 
ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ පාසල් සිසුනට සහ වෙනත් පුද්ගලයින්ට  නීති විරෝධීව මත්පෙති අලෙවි කළැයි චෝදනා ලැබ, අධිකරණය හමුවේ වරද පිළිගත්  බෙහෙත් ශාලාවක හිමිකරුවෙකුට මුදලින් රුපියල් 25,000ක දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා අද (30)  නියම  කළේය.
 
තමන් මත් පෙති අලෙවි කිරීම පිළිබඳව ජනතාවගෙන් සමාව අයදින බවත්, යලි එවැනි වැරදි සිදු නොකරන බවත් සඳහන් කරමින් සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ජාතික පුවත්පත්වල  ප‍්‍රසිද්ධ  දැන්වීම් පළ කරන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා පළ කරන පුවත්පත් දැන්වීම් නොවැම්බර් 28 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද තවදුරටත් නියෝග කළේය.
 
මෙසේ දඬුවම් නියම වූයේ ගලෙන්බිඳුණුවැව, කැකිරාව පාර ලිපිනයේ පදිංචි  සමන් කුමාරසිංහ නැමැත්තාටයි.  ඔහුගේ බෙහෙත් ‍වෙළඳසැල වටලා  නීතිවිරෝධී ඖෂධ සමග මෙම සැකකරුවා  අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ  පරීක්ෂකවරුන් වන  ආනන්ද වේරගොඩ සහ  ආර්. එම්. පී. යූ. කුමාර යන මහත්වරුන් විසිනි. උපාය දූතයින් යොදා දින දෙකක් පමණ කළ වැටලීමකදී මොහු අත් අඩංගුවට ගැණිනි.

එම බෙහෙත් වෙළඳසැලෙන් මත් පෙති  අලෙවි කරන බවට  දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට ප‍්‍රදේශවාසින්ගෙන් ලැබී තිබූ පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.  අගෝස්තු 26 වන දින අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර මහතා හමුවට සැකකරු ඉදිරිපත් කර අතිරේක මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුව රිමාන්ඩ් බාරයට පත් කෙරුණු අතර  පසුව ඇප මත මුදා හැරිණි.
 
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ අලෙවිකිරීම, ඖෂධවේදියෙකු විසින් ලබාදිය යුතු ඖෂධවේදියකු නොමැතිව අලෙවිකිරීම, බෙහෙත් ශාලාව තුළ මත්පෙති තබාගැනීම සහ ඒවා මිලදීගත් බව, තහවුරු කළ හැකි ලිපි ලේඛන නොමැතිව මත්පෙති ළඟ තබාගැනීම ආදිය සැකකරුට එරෙහිව ඇති චෝදනා වේ.
 
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන  ආනන්ද වේරගොඩ සහ ආර්. එම්. පී. යූ . කුමාර යන මහත්වරුන් පෙනී සිටි අතර සැකකාර කළමනාකාරවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ චන්දන වීරකෝන් මහතා පෙනී සිටියේය.



අදහස් (0)

සිසුන්ට මත්පෙති අලෙවි කළ බෙහෙත් ශාලා හිමිකරුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32126 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site