(ප්‍රියංකර ජයසිංහ )
අරුවක්කාලු කසළ අංගනයේ පවතින දුගඳ ඉවසා ගත නොහැකියැයි කියමින් සේරක්කුලිය ගම්වාසින් වනාතවිල්ලුව නගරයට අද (30) පැමිණ විරෝධතාවයක නිරත වි එහිම කුඩාරම් සකසා නතරවීමට තිරණය කර තිබේ.
අරුවක්කාලු කසළ අංගනයේ පසුගිය දින කිපය පුරා පැවති දුඟද නැවති නොයාම නිසා අද උදෑසන වනාතවිල්ලුව කතෝලික දෙවස්ථානයට පැමිණිම සිදුව තිබුණි.
මෙහිදි වනාතවිල්ලුව මීසම් පාලක ක්‍රිස්ටි පෙරේරා පියතුමන් ජනතාව දැනුවත් කරමින් පවසා සිටයේ ජනතාවට තම අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු අයකුට හිරිහැරයක් නොවන ලෙසට සාමකාමි අයුරින් විරෝධය පෑමට අයිතියක් ඇති බවත් ඒ අනුව ක්‍රියා කරන ලෙසය.
පසුව දෙවස්ථානයේ සිට වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි සේරක්කුලිය ජනතාව තමන්ගේ ජීවිත් විමේ අයිතිය බළධාරින් අහිමි කර ඇති බවට පවසමින් පැය තුනකට ආසන්න කාලයක් විරෝධතාවයක් පැවැත්විම සිදුවිණි.
විරෝධතාවය ආරම්භ සිදුවන අවස්ථාවේදී වනාතිවිල්ලුව පොලිස්ථානයේ නිළධාරින් පිරිසක් පැමිණ පුත්තලම අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් ලබා දෙමින් පවසා සිටියේ අධිකරණ නියෝග වලට පිටින් ගියහොත් එරෙහිව කටයුතු කිරිමට සිදුවන බවයි.
එම විරෝධතාවය සදහා කිසිදු වගකිවයුතු පාර්ශවයක් නොපැමිනිම නිසා කුඩාරම් සකසමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ යාබද බිමක කුඩාරම් සකසමින් නැවතීමට මෙම ජනතාව කටයුතු කරමින් සිටිති.



2025 දෙසැම්බර් මස 16
108
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අරුවක්කාලුවේ දුගඳ ඉවසාගත නොහැකිව ගැමියෝ පාරට බසිති