බේරුවල ජංගම වෙළදාමට ඇදිරිනීති බලපත්‍ර 350 ක්
ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පවතින මේ දිනවල දී බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජනතාවට ගමින් ගමට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට ජංගම වෙළඳුන් සඳහා ඇඳිරිනීති බලපත්‍ර 350ක් වෑන් ,ලොරි ,ත්‍රීරෝද, යතුරු පැදි සඳහා නිකුත් කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා කියයි.