තුසිත කුමාර ද සිල්වා
ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පවතින මේ දිනවල දී බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ජනතාවට ගමින් ගමට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට ජංගම වෙළඳුන් සඳහා ඇඳිරිනීති බලපත්‍ර 350ක් වෑන්, ලොරි, ත්‍රි රෝද, යතුරු පැදි සඳහා නිකුත් කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා කියයි.
මෙම බලපත්‍ර ලාභී කිසිම වෙළෙන්දෙකුට රජයේ පාලන මිලෙන් තොරව එම භාණ්ඩ ගමින් ගමට ගොස් විකිණීමට අවසර නොමැති අතර එවැනි වෙළදුන් පිළිබඳ ලැබෙන පැමිණිලි පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා අද(03) පැවසීය.
මේ අතර බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 82 අතරින් මෙතෙක් කිසිම ජංගම වෙළඳ රථ නොපැමිණි ගම්මාන තිබෙන බව ජනතාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘති වලට කීවට අපේ පළාතට නම් එහෙම එකක් අවේ නැහැ , චුන් පාන් නම් හැමදාම එනවා.