(ප්‍රසන්න පත්මසිරි)
ඌව විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී වෑන් රථ දෙකක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ දේශීය මත්පැන් බෝතල් 128 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (04) අත්අඩංගුවට ගත් බව බදුල්ල සුරාබදු පරීක්ෂක සිසිත ඇල්ලේවල මහතා පැවසීය.
ඇඳිරි නීතිය තිබියදී පස්සර බදුල්ල මාර්ගයේ ධාවනය වූ වැන් රථ දෙකක තිබී මෙම මත්පැන් බෝතල් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබූ මත්පැන් බෝතල් බදුල්ල නගරයට ගෙන ගොස් අධික මිලකට අලෙවි කිරීමට සැකකරුවන් කටයුතු කර තිබෙන බව සුරාබදු නිලධාරීහු සඳහන් කළහ.
අත් අඩංගුවට ගත් මත්පැන් බෝතල් සමඟ සැකකරුවන් ලබන සදුදා (06) බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඇල්ලේවල මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd