(ප්‍රසන්න පත්මසිරි)
ඌව විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී වෑන් රථ දෙකක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ දේශීය මත්පැන් බෝතල් 128 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (04) අත්අඩංගුවට ගත් බව බදුල්ල සුරාබදු පරීක්ෂක සිසිත ඇල්ලේවල මහතා පැවසීය.
ඇඳිරි නීතිය තිබියදී පස්සර බදුල්ල මාර්ගයේ ධාවනය වූ වැන් රථ දෙකක තිබී මෙම මත්පැන් බෝතල් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබූ මත්පැන් බෝතල් බදුල්ල නගරයට ගෙන ගොස් අධික මිලකට අලෙවි කිරීමට සැකකරුවන් කටයුතු කර තිබෙන බව සුරාබදු නිලධාරීහු සඳහන් කළහ.
අත් අඩංගුවට ගත් මත්පැන් බෝතල් සමඟ සැකකරුවන් ලබන සදුදා (06) බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඇල්ලේවල මහතා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මත්පැන් බෝතල් 128 ක් ප්‍රවාහනය කළ 3 ක් අත්අඩංගුවට