තියුණු ආයුධයකින් පහර දී දෙදරු පියෙක් ඝාතනය කරයි පිටිගල සිත්තරගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි. 03 April 2020
මොණරකැලේ කඳු රක්ෂිතයේ ගින්නක් මොණරාගල මරගල මොණරකැලේ කදු රක්ෂිතයේ අද (02) දින සවස 8.00ට පමණ ඇතිවු ගින්නක් පැතිරී යන බව ප්‍රදේශවාසීහු කියති. 02 April 2020
බදුල්ලේ පවුල් 75කට ආහාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාවේ පදිංචි අති දුෂ්කර ජීවිතයක් ගෙවන දිළිදු පවුල් 75ක් වෙනුවෙන් දෙසතිය කාලයකට ප්‍රමාණවත් සහල් ඇතුළු අත්‍යවශ්‍ය වියළි ආහාර ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාව අද(2) ඉදිරිපත් විය. 02 April 2020
දකුණේ 2681 දෙනෙක් ස්වයං නිරෝධායනය අවසන් කරති කොරෝනා වයිරසය නිසා දකුණු පළාතේ ස්වයං නිරෝධන කටයුතුවල යෙදි සිටි 2681ක් දෙනෙකු අද (2) වන විට එම නිරෝධන කටයතු අවසන් කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ටී එල් ජේ සී සිරිතුංග මහතා පැවසීය. 02 April 2020
පොළොන්නරුවේ පුද්ගලයින් 8123 දෙනකුට නියගයෙන් පීඩා මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වෙසෙන පුද්ගලයෝ 8123 දෙනෙකු පානීය ජල හිඟයෙන් පීඩා විඳන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 02 April 2020
විදුලි සැර වැදී තරුණියක් මරුට තණමල්විල හම්බෙගමුව අදගලයාය ප්‍රදේශයේ නිවසකදී විදුලි සැර වැදීමෙන් අද (2) තරුණියක් මියගොස් ඇතයි හම්බෙගමුව පොලිසිය පැවසීය. 02 April 2020
ගාල්ලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදන්න නිසි යාන්ත්‍රණයක් නෑ ගාල්ල දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රමවත් යාන්ත්රනයක් සමූපකාර සමිති වලට ඇතත් බෙදා හැරීම සඳහා අවශ්‍ය භාන්ඩ හිඟකම ප්‍රධාන ගැටළුව බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය. 02 April 2020
ගාල්ලේ පුද්ගලයින් කොටස් හතරකට බෙදා නිරෝධායනය කරයි කොරෝනා පැතිරයාම වැළැක්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුල පුද්ගලයින් කොටස් හතරකට බෙදා නිරෝධායනය කිරිමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා පැවසිය. 02 April 2020
අත්‍යාවශ්‍ය සේවා කැබ් රියක ගැටී සිසුවෙක් මරුට උඩදුම්බර පොලිස් බල ප්‍රදේශයට අයත් කලුගල මාර්ගයෙ ගමන් කරමින් තිබූ අත්‍යාවශ්‍ය භාණඩ ප්‍රවාහනය කරනු ලබන කැබ් රියක වයස අවුරුදු 12 ක සිසුවතු ගැටීමෙන් සිදු අනතුරකින් එම දරුවා මිය ගොස් ඇති බව පොලිසිය කියයි. 02 April 2020
වන අලියකුගේ පහරදීමකින් අයෙක් මරුට වැලිකන්ද,මහවැලි සිංහපුර,දිඹුලාන ප්‍රදේශයේදී අද(02) අලූයම 5.30ට පමණ වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 02 April 2020
ඇසිඩ් ප්‍රහාරයකට ලක් වී තුවාල ලැබූ අයෙක් මරුට අම්බලන්තොට රිදියගම දියවර ගම්මානයේ පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු බරපතල පිළිස්සුම් තුවාල සහිතව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටියදී මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි. 02 April 2020
දකුණේ සායනික රෝගීන් සියයට 50 කට වඩා වැඩි පිරිසකට ඖෂධ බෙදාදෙයි දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පාලනය වන රෝහල් වල සායනිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් සියයට 50 කට වඩා වැඩි පිරිසකට මේ වනවිට ඖෂධ බෙදා දීමට කටයුතු කර ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි. 02 April 2020
අතවශ්‍ය භාණ්ඩ නිවසට ලබා දෙන්න අම්බලන්ගොඩ නගර සභාව පියවර ගනී කොරෝනා ආසාදනය මර්දනය සදහා ඇති ඇදිරි නීතියෙන් පීඩාවට පත්ව සිටින බල ප්‍රදේශයේ ජනතාවට ප්‍රවාහන ගාස්තුවක් අය නොකර අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ලබාදීම සදහා සිය ආයතනය සතු සියලුම රථ වාහන නිදහස් කිරීමට පියවරගත් බව අම්බලන්ගොඩ නගර සභාව කියයි 02 April 2020
ඇල්පිටියේ යක්බටේකන්දේ ළිඳක් අසළ තිබී මළ සිරුරක් හමුවෙයි ඇල්පිටිය යක්බටේකන්ද ප්‍රදේශයේ ළිඳක් අසළ තිබි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 02 April 2020
යතුරු පැදි අනතුරකින් අයෙකු මරුට අම්බලන්ගොඩ ගෝනාපිනුවල බේරතුඩුව මාර්ගයේ වුඩ්ලන්වත්ත ප්‍රදේශයේදී අද (1 ) පස්වරුවේදී යතුරු පැදි දෙකක් එකිනෙක මුහුණට මුහුණට ගැටි එක් අයෙකු මියගොස් ඇති බව මීටියාගොඩ පොලීසිය කියයි. 01 April 2020
ට්‍රැක්ටරයකට යටවී හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට දියතලාව යුද හමුදා කඳවුරේ භූමියේදී අද (1) ටැක්ටරයක් පෙරළී යුද හමුදා සෙබළකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි දියතලාව යුද හමුදාව කියයි. 01 April 2020
කරාපිටිය රෝහලට ඇලවීෂියස් විද්‍යාලයේ 96 කණ්ඩායමෙන් පරිත්‍යාගයක් අධි සාන්ද්‍රිත මධ්‍යසාර අඩංගු අත් සෝදන දියර අඩංගු කෑන් තොගයක් ගාල්ල සාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ 96 ශිෂ්‍ය කණ්ඩායම විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටුව , අංක දොළහ වාට්ටුව සහ බාහිර රෝගී අංශයේ ප්‍රයෝජනය සඳහා අද (01) පරිත්‍යාග කෙරිණි. 01 April 2020
කොට්ටුකච්චිය ගම්වැසියෝ වගාවට සැරසෙති පවතින කොරෝනා වසංගතයත් සමග ආහාර හිගයක් ඇති වුවහොත් ඒ සදහා මුහුණ දිමට හිමිනමක් ගම්වැසියන් පිරිසක් සමඟ එක්වි කැලැවට ගිය බිමක් ගොවි බිමක් බවට පත් කිරිම සදහා වෙහෙසෙමින් සිටිති. 01 April 2020
සුනඛ සපාකෑම් වලට ලක් වූ 41 ක් බදුල්ල රෝහලට සුනඛ සපාකෑම් වලට ලක් වූ පුද්ගලයන් 41දෙනෙක් අද (1) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා වූ කාලය තුළ බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. 01 April 2020
ගෙවතුවගාවට කුරුණෑගල ජනතාවට බීජ බෙදා දෙයි ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයවීමෙන් සිදුකරනු ලබන ගෙවතු දස ලක්ෂයේ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ගෙවතු 54000 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 01 April 2020
දෙමටගොඩ මහල් නිවාස වැසියන්ට සහනදායී මිලට ආහාර පවතින ඇදිරිනීති හේතුවෙන් අපහසුතාවයටපත් දෙමටගොඩ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයන්හී ජීවත්වන ජනතාවට නිවෙස්වලටම ගොස් සහනදායී මිලට වියලි සලාක මලූ බෙදා හැරීම අද දිනයේදීද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදු කළේය. 01 April 2020
සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන්න ආයුර්වේදයෙන් ඖෂධයක් කොරෝනා වයිරසය මිනිස් සිරුරට ආසාදනයවීමට නොහැකිවන අයුරින් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වැඩිකිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත ඖෂධ වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කළ දාරුහද්රාදී චූර්ණය පන්නල හා ගිරිඋල්ල ජනතාවට බෙදා දීම අද (01) සිදු කෙරිණි. 01 April 2020
හලාවත නගර සභාවෙන් ලක්ෂ 39ක සහනාධාරයක් අඛණ්ඩ ඇදිරිනීති කාලයක් පනවා ඇති අවස්ථාවේ දි ආර්ථික අතින් අසීරුතාවනට මුහුණ දී සිටින හලාවත නගර සීමාවේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර සලාකයක් ලබා දීම පිණිස රුපියල් ලක්ෂ 39 ක් අනුමත කර ගත් බව නගර සභාවේ ලේකම් කේ.පී.චන්දන කුමාර මහතා කීය. 01 April 2020
ඇඳිරිය වේලාවේ මත්පැන් විකිණු අයෙක් අත්අඩංගුවට ඇදිරිනීතිය බලපැවත්වෙන අවස්ථාවේදී හොර රහසේ වැඩි මිලට අලවි කිරීම සදහා අරක්කු බෝතල් 82 ලොරි රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ලොරි රථයත් සමග අද (1) අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පැවසීය. 01 April 2020
ඇඳිරි නීතිය තිබුණත් පුරන් කුඹුරු අස්වද්දන්න යයි මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතය ක්‍රියාත්මකව තිබුණත් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටුගොඩ වෑකඩ හදිරම වෑකඩ අංග යන ප්‍රදේශවල සියලුම පුරන් කුඹුරු අස්වැද්දීමට ප්‍රදේශයේ ගොවි මහතුන් මෙන්ම තරුණ පිරිස්ද එක්ව අද 01 වනදා ක්‍රියාත්මක කරනු ලැබීය. 01 April 2020
මාස් කන්නයට රජය පොළොන්නරුවෙන් වී මිලට ගනී වී මිලදී ගැනීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ මෙවර මාස් කන්නයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් වී මෙටට්රික් ටොන් 10,617ක් මේ වන විට මිලදී ගෙන ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා අද(01) පැවැසීය. 01 April 2020
වල් අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මරුට හොරොව්පොතාන ආනොලොන්දැව ප්‍රදේශයේදි වල්අලියෙකුගෙ පහරකෑමට ලක්වූ පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 01 April 2020
ඇඳීරිනීතිය අස්සේ මැණික් ගැරූ 5 ක් අත්අඩංගුවට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ රක්වාන මාදම්පේ රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව රක්වාන අඩවි වන නිලධාරී ගයාන් මොහොටිටි මහතා පැවැසීය. 01 April 2020
නිකවැරටිය-කොටවෙහර ජනතාවට වියළි සළාක රට තුළ ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටින නිකවැරටිය සහ කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල අසරණ පවුල් සඳහා වියලි ආහාර ප්‍රධානය කිරීමවරයා නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් වරයා විසින් අද(01) සිදු කෙරිණි . 01 April 2020
කෑරගල විවිධ සේවා සමුපාකාරයෙන් ආහාර මල්ලක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදී දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි සීමාසහිත කිරිඳිවැල කෑරගල විවිධ සේවා සමුපකාර සමිතිය ප්‍රධාන කළමනාකරු සම්පත් දයාරත්න මහතා පැවසීය. 01 April 2020
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 17 December 2025