( එම් .සුසිල් ප්‍රියන්ත )
අම්බලන්ගොඩ ගෝනාපිනුවල බේරතුඩුව මාර්ගයේ වුඩ්ලන්වත්ත ප්‍රදේශයේදී අද (1 ) පස්වරුවේදී යතුරු පැදි දෙකක් එකිනෙක මුහුණට මුහුණට ගැටි එක් අයෙකු මියගොස් ඇති බව මීටියාගොඩ පොලීසිය කියයි.
මේ අනතුරින් මියගොස් ඇත්තේ මලවැන්න කලූපේ පදිංචි 22 හැවිරිදි යුද හමුදා සෙබලකු බවද පොලීසිය කියයි .
ගෝනාපිනුවල පදිංචි 21 හැවිරිදි තරුණයකු ගමන්ගත් යතුරු පැදියක් හා මියගිය තැනත්තා පැදවූ යතුරු පැදියක් මෙසේ එකිනෙකෙට ගැටි ඇති බව පවසන පොලීසිය මේ රිය අනතුරට ලකුවූ අනෙක් යතුරු පැදිය පැදවූ තරුනයා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි .
මේ සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd