(පාලිත ආරියවංශ)
සුනඛ සපාකෑම් වලට ලක් වූ පුද්ගලයන් 41දෙනෙක් අද (1) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා වූ කාලය තුළ බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
මෙම පිරිසෙන් බහුතරයක් සපාකෑමට ලක්ව තිබුණේ තමන්ගේ නිවසේ ඇතිකරන සුනඛයන්ගෙන් වීම විශේෂත්වයකි.
ආයාලේ යන සුනඛයින්ගේ සපාකෑමට ලක්වූ පුද්ගලයන් කිහිපදෙනෙක්ද ප්‍රතිකාර ලබාගෙන ඇති බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මුඛ ආවරණ පැළඳ සිටීම හේතුවෙන් බියට පත්ව මෙසේ සුනඛයින් සපාකන්න ඇතැයි සිතන බව සපාකෑමට ලක් වූ පිරිස සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd