(සුමතිපාල දීයගහගේ )
කොරෝනා වයිරසය නිසා දකුණු පළාතේ ස්වයං නිරෝධන කටයුතුවල යෙදි සිටි 2681ක් දෙනෙකු අද (2) වන විට එම නිරෝධන කටයතු අවසන් කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී එල් ජේ සී සිරිතුංග මහතා පැවසීය.
ඒ අනුව ගාල්ල දිසාවේ ස්වයං නිරෝධනයේ යෙදී සිටි 1167 ක් මාතර දිසාවේ 458 ක් හම්බන්තොට දිසාවේ 775 දෙනෙකු මෙම කටයුතු අවසන් කර ඇති බවද සිරිතුංග මහතා වැඩි දුරටත් අනාවරනය කළේය.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය මර්ධනය කිරිම සහ අත්‍යාවශ්‍ය කටයුතු පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබද දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්කාර්යාලයේදී අද (2) පැවති රැස්වීමේදී සිරිතුංග මහතා මේ තොරතුරු අනාවරනය කළේය.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලීගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පැවැත්වුණි.
මේ අතර අද වන විට තවත් 2400 දෙනෙකු තම නිවෙස්වල ස්වයං නිරෝධනයේ යෙදි සිටින බවද සිරිතුංග මහතා අනාවරණය කළේය.
කෙසේ වෙතත් සවයං නිරෝධන කටයුතු අවසන් කළ පිරිස අතර කිසිම කොරෝනා රෝගයෙකු නොසිටි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දකුණේ 2681 දෙනෙක් ස්වයං නිරෝධායනය අවසන් කරති