සමන් පාලිත නානායක්කාර
දියතලාව යුද හමුදා කඳවුරේ භූමියේදී අද (1) ටැක්ටරයක් පෙරළී යුද හමුදා සෙබළකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි දියතලාව යුද හමුදාව කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ දියතලාව යුද හමුදා කඳවුරේ පොදු සේවා බළකායට අනියුක්තව සේවය කළ කෝප්‍රල් බී. එම්. ඩී. එම්. දිසානායක (27)නමති ආණමඩුව පදිංචිව සිටි අයෙකි.
ඔහු විසින් පැදවූ ට්‍රැක්ටරය පෙරළීමෙන් පසු ඊට යටවී බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත .
මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය දියතලාව මූලික රෝහලේදී රෝහලේ දී සිදුකිරීමට නියමිතය.
හමුදා පොලීසිය හා දියතලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd