(ක.ග.කරුණාරත්න)
වී මිලදී ගැනීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ මෙවර මාස් කන්නයේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගෙන් වී මෙටට්‍රික් ටොන් 10,617ක් මේ වන විට මිලදී ගෙන ඇතැයි පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා අද(01) පැවැසීය.
ඒ සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් මිලියන 490කි.ඉදිරියටත් ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරය මගින් ලබාදී තිබේ.
ඇඳිරි නීතිය පැවැතියද ගොවි ජනතාවගේ වී අස්වනු නෙළීමට සහ ඒවා අලෙවිකර ගැනීමට කිසිදු බාධාවක් නැතැයි දිස්ත‍්‍රික් ලේකම්වරයා පැවැසීය.
වී අලෙවි මණ්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් එක්ව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදී ගැනීමේ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd