පවතින ඇදිරිනීති හේතුවෙන් අපහසුතාවයටපත් දෙමටගොඩ ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයන්හී ජීවත්වන ජනතාවට නිවෙස්වලටම ගොස් සහනදායී මිලට වියලි සලාක මලූ බෙදා හැරීම අද දිනයේදීද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදු කළේය.
සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ අධීක්‍ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් මෙම වැඩසටහන සිදු කෙරිණි.
මෙම වියලි ආහාර තොග ලංකා සතොස ආයතනයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදීමෙන් අනතුරුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු භට පිරිස් වෙතින් ඇසුරුම් කර බෙදා හැරීමට කටයුතු කරනු ලබයි.
දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය තත්වය මැඩ පැවැත්වීම සදහා රජය විසින් පනවා ඇති නීති රිති අනුව ජනතාවට සහන සැළසීමට මෙම වැඩසටහන් සිදු කරනු ලබයි.




2025 නොවැම්බර් මස 04
816
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1772
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙමටගොඩ මහල් නිවාස වැසියන්ට සහනදායී මිලට ආහාර
lalithm Wednesday, 01 April 2020 10:48 AM
ඔක්කොම කිරි කොළඹට. එතකොට අපේ ගම් වලට කැකිරිද? සහන තියා මොන මිලට හරි මේ වගේ බෙදන ඒවා ආවෙ එක දවසයි. ඉන් පස්සේ එයාලට තේරුණා වැඩි ලාබ ගන්න බැහැ කියල. ගියා ගියාමයි? අපි ගම්පහ පැත්තේ.