( රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
ජනාධිපති කාර්‍යසාධක බලකායේ මෙහෙයවීමෙන් සිදුකරනු ලබන ගෙවතු දස ලක්ෂයේ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ගෙවතු 54000 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මේ සදහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් හට තම වසම් තුල බෙදාදීමට එළවළු බීජ ලබාදීම අද (01) වාරියපොල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි.
මෙම ගෙවතු දස ලක්ෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා ගෙවතු ලක්ෂ හතරක් ආරම්භ කිරීමට නියමිතය.
කොරෝනා වයිරසය ව්‍යාපෘතිය හේතුවෙන් දැනට ලෝකයේ පවතින තත්වය හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත.
වාරියපොල ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරි ඒ.එම්. ගැමුණු විජේසූරිය මහතා විසින් බීජ කට්ටල බෙදාදීම සිදුකල අතර දඹල, අමුමිරිස්, බටු, මෑ සහ බණඩක්කා යන එළවළු බීජ මෙහි ඇතුලත් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd