සමනල වැව රක්ෂිතයේ මැණික් ගැරූ දෙදෙනාට දඩ ඇඳිරිනීතිය පනවා ඇති කාලයේ බලන්ගොඩ සමනල වැව රක්ෂිතයේ අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයන් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් 40000 බැගින් රුපියල් 80000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (30)නියෝග කලේය. 30 March 2020
කොකාවිල් ප්‍රදේශයේ ඉඩමකින් අත්බෝම්බයක් හමුවෙයි මුගුණුවටවන කොක්කාවිල අක්කර 15 ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබු අත් අබෝම්බයක් අද ( 30 දා ) සොයා ගත් බව හලාවත පොලිසිය කියවයි. 30 March 2020
හික්කඩුව නගර සභාවේන් පවුල් 5000 කට නොමිලේ වියළි ආහාර හික්කඩුව නගර සභාව මගින් කොරෝනා වසංගතයෙන් කරකියා ගත නොහැකි අසරනව සිටින සිය බල ප්‍රදේශයේ පවුල් 5000 කට නොමිලයේ වියලි ආහාර පාර්සල් බෙදාදීම අද (30) උදැසන හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ 30 March 2020
බෙහෙත් ගන්න පෝළිමේ ඇඳිරිනිතිය ඉවත් කිරිමෙන් පසු ගාල්ල නගරයේ හා අවට ඖෂධ මිලදි ගැනිම සඳහා පෞද්ගලික හා රජයේ ඔසුහල් ඉදිරිපිට දිගු පොලිම් දැකගත හැකිවිය 30 March 2020
ජනතාවට සහන සළසන්න අකුරැස්ස ප්‍රා.සභාවට ලක්ෂ 10 ක් කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදී ඇතැයි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුනිදාස ගමගේ මහතා පවසයි. 30 March 2020
බලංගොඩ අත්‍යවශ්‍ය වෙළෙඳසැල් පමණක් හෙට විවෘත කෙරේ පවතින අවදානම් තත්වය පිළිබඳ සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) දින බලන්ගොඩ නගරයේ අත්‍යවශ්‍ය ආහාර අලෙවි කරන වෙළෙඳසැල් , ඖෂධ අලෙවිසල් හා ටයර් කඩ පමණක් විවෘත කරන බවත් අනෙකුත් සියළුම වෙළෙඳ ආයතන වසා දැමීමට තීරණය කර ඇති බවත් බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණ විමලසේන මහතා පැවැසීය. 29 March 2020
සූදුපිටියක් වටලා 6ක් අත්අඩංගුවට ඇදිරි නීතිය මධ්‍යයේ නවගත්තේගම පොලිස් වසමට අයත් මුල්ලේගම වෙලේවැව ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවස තුළ මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය බව කියන සූදුපිටියක් වටළා එම කාන්තාව ඇතුළුව සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 29 March 2020
සමනල වැව රක්ෂිතයේ මැණික් ගැරූ ගුරුවරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ඇඳිරි නීතිය කාල සීමාවෙි බලන්ගොඩ සමනල වැව රක්ෂිතයේ අනවසරයෙන් පතල් කපා මැණික් ගරමින් සිටි උපකාරක පංති පවත්වන ගුරැවරයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු අද (29) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා සදහන් කළේය. 29 March 2020
විදුලි සැර වැදී උමාඔය ව්‍යාපෘතියේ සේවකයෙකු මරුට උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ වැලිමඩ පුහුල්පොල ජලාශ භූමියේ සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් අද (29) හවස මිය ගොස් ඇතැයි වැලිමඩ පොලීසිය පැවසීය. 29 March 2020
පිළියන්දල ඇගළුම් සේවකයන් පිරිසක් නිවෙස් වෙත ඇඳිරිනීතිය හේතුවෙන් පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සිරවී සිටි සේවක සේවිකාවන් 35 දෙනෙකු අද (29) දා ගම්බිම් කරා පිටත් කර යැවීමට පියවර ගත්බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 29 March 2020
ඇදිරිනීති බලපත් ගන්න ගිහින් කලබලයක් නාරම්මල හොරාම්බාව පිහිටි කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇදිරිනීති බලපත් ලබාගැනීමට පැමිණි පිරිසක් කලබලකාරීව හැසිරීමෙන් පොලීසිය එය පාලනය කිරීම යාමේදී යම් උණුසුම් තත්වයක් ඇතිවිය. 29 March 2020
දෙකටනදී හෙරෝයින් සමඟ අයෙක් අත්අඩංගුවට ඇඳිරිනීතිය කාලසීමාවේ හෙරෝයින් ජාවාරම් නිරතව වූ පුද්ගලයෙකු හෙරෝයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් සමඟ දෙකටන දී අත්අඩංගුවට ගත්බව දොම්පේ පොලිසිය කියයි. 29 March 2020
හබරණදී මුව මස් සමඟ අයෙක් අත්අඩංගුවට හබරණ,රොටවැව ප්‍රදේශයේදී මුව මස් කිලෝ 03 ක් සමඟ එක් සැකකරුවෙකු අද(29) අත් අඩංගුවට ගත් බව හබරණ පොලීසිය කියයි. 29 March 2020
පොළොන්නරුවේ ගැබිනි මව්වරුන්ට සේවය අඛණ්ඩවම පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල වෙසෙන ගැබිනි මව්වරුන් සහ දරුවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ ක්ෂත්ර රාජකාරී සිරිත් පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය සරත් ජයසිංහ මහතා අද(29) පැවැසීය. 29 March 2020
බලපිටියේ බැංකු සේවකයකුට නිරෝධායනය වන්නැයි නියෝග බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඥාති නිවසක දින කිහිපයක් ගත කර පැමිණි බලපිටිය ප්‍රදේශයේ පදිංචි බැංකු සේවකයකු ස්වයං නිරෝධායනය වන ලෙස බලපිටිය මහාජන සෞඛ්‍යය පරීක්ෂකවරු අද(29) නියෝග කළහ. 29 March 2020
කන්තලේ පවුල් 100 ක් නිරෝධායනයට කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ පවුල් 100 ක් සිය නිවෙස් තුළ නිරෝධායනයට යොමුකර ඇතැයි කන්තලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 29 March 2020
කොරෝනා මර්දනයට මුලටියන ප්‍රා.සභාවෙන් ලක්ෂ 50 ක් කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට සහ කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා මුලටියන ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 50 ක මුදලක් වෙන්කර ඇතැයි මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා පවසයි. 29 March 2020
අසරණ ජනයාට සහන සලසන්නැයි ඌවේ පළාත් පාලන අයතනයන්ට දැනුම් දෙයි කොරෝනා වයිරසය හේතුවෙන් ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව සිටින පවුල් වෙත සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 26 ක මුදලක් වෙන් කිරීමට කටයුතු කළ බව උකුවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති චේතිය දිසානායක මහතා පැවසිය. 29 March 2020
ගිංගඟේ ගිලුණු දෙදරුපියාගේ සිරුර හමුවෙයි ඇදිරි නිතිය බලපැවැත්වෙන කාලයේ දී මත්පැන් ගිංගගේ දියනෑමට ගිය 60 හැවිරිදි දෙදරු පියෙකුගේ මළ සිරුර මීට ටික වෙලාවට පෙර සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි. 29 March 2020
ජනතාවට සහන සලසන්න වෙන්නප්පුව ප්‍රා.සභාවෙන් ලක්ෂ 125 ක් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා සභාවේ පොදු අරමුදලින් රුපියල් ලක්ෂ 125 ක මුදලක් වැය කිරීමට කටයුතු කරන බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා පැවසීය. 29 March 2020
දකුණු පළාතේ ස්වයං නිරෝධායනයට ලක්වන පිරිසට ඖෂධ කට්ටලයක් දකුණු පළාතේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා මේ වනවිට ඖෂධ කට්ටල 1800 ක් පමණ ලබාදී ඇති බව දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සි.එල් ගුරුගේ මහතා පැවසීය. 29 March 2020
අසරණ පවුල් වලට සහන සලසන්න ආරච්චිකට්ටුව ප්‍රා.සභාව ලක්ෂ 21 ක් වෙන්කරයි කොරෝනා වයිරසය හේතුවෙන් ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව සිටින පවුල් වෙත සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 21 ක මුදලක් වෙන් කර ඇති බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති කන්දසාමි තෙච්චනාමූර්ති මහතා පැවසීය. 29 March 2020
කොරෝනා මඬින්න අතුරලිය ප්‍රා. සභාවෙන් ලක්ෂ 5 ක් කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමට සහ කොරෝනා වයිරසය මර්දනය සඳහා එම ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ පහක මුදලක් වෙන්කර ඇතැයි අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව් ජී නිහාල් ද සිල්වා මහතා පවසයි. 29 March 2020
රත්ගම ජනතාවට සහන සලසන්න රත්ගම ප්‍රා.සභාවෙන් ලක්ෂ 50 ක් කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින රත්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා ප්‍රාදේශීය සභා අරමුදලින් ලක්ෂ 50 ක මුදලක් වෙන් කර ඇතැයි රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.නිමල් මහතා පවසයි. 29 March 2020
හෙරොයින් සමඟ අයෙක් පොලිස් දැලේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තැබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 102 කයි මිලිග්‍රෑම් 600 ක් සමඟ පුද්ගලයකු බලපිටියේදී අද (28) රාත්‍රී අත්අඩංගුවට ගත්බව ගාල්ල මත්ද්‍රව්‍ය කාර්යාංශය පැවසීය. 28 March 2020
බණ්ඩාරවෙළ පවුල් 1600 කට වියළි ආහාර මල්ලක් බණ්ඩාරවෙළ නගර සභා බල ප්‍රදේශය තුළ කොරෝනා වයිරසය මර්දනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ ජනතාවට සහන සැලසීම සඳහා නගර සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය මත වෙන් කළ බව බණ්ඩාරවෙල නගරාධිපති ජානක නිශාන්ත රත්නායක මහතා අද (28)පැවසීය. 28 March 2020
ඌවේ රෝහල් කාර්ය මණ්ඩලයට මුඛ ආවරණ 10,000ක් ඌව පළාතේ රෝහල් කාර්ය්ය මණ්ඩල සදහා මුඛ ආවරණ 10000ක් ලබාදීමට පළාත් සභාව කටයුතු කළ බව ප්‍රධාන ලේකම් පී.බී විජයරත්න මහතා පැවසීය. 28 March 2020
මාදම්පාවිල අභය භූමියේ ගින්නක් මේවන විටත් පැතිර යමින් පවතින හදිසි ගින්නකින් අම්බලන්ගොඩ මාදම්පාවිල අභයභූමියේ අක්කර 15 වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ගොස් ඇතැයි පරිසරවේදීහු කියති. 28 March 2020
ෆයිට් කොරෝනා ස්වෙච්ඡා බළකායෙන් දුගී පවුල් 1500කට සහන පවතින අයහපත් තත්වය මැද ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටින දුගී පවුල් 1500ක් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් වියළි සලාක බෙදා දීමක් බදුල්ල මුස්ලිම් සංවිධාන කිහිපයක් එක්ව පිහිටුවා ගත් ස්වෙච්ඡා බලකාය මගින් අද(28) සිදුකෙරිණි. 28 March 2020
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025