(ඔගස්ටින් ප්‍රනාන්දු)
මුගුණුවටවන කොක්කාවිල අක්කර 15 ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබු අත් අබෝම්බයක් අද ( 30 දා ) සොයා ගත් බව හලාවත පොලිසිය කියවයි.
එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ගෙවත්තේ වළක් කපමින් සිටිය දි එහි කලින් වළදමා තිබු මෙම අත් බෝම්මබය හමුවි ඇති අතර ඔහු පසුව මේ බව පොලිසියට දන්වා ඇති බවත් කියයි.
පසුව පොලිසිය එහි ගොස් බෝම්බය පරික්ෂා කළ අතර එම බෝම්බය කලකට පෙර කිසිවකු විසින් කිසියම් කාර්යයකට යොදා ගැනීම පිණිස ගෙනැවිත් පසුව එය වළදමා ඇති බවට සැක කෙරේ. බෝම්බය නිෂ්ක්‍රිය කිරිමට පියවර ගෙන ඇති බවත් කියයි. වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd