දැරිය අපයෝජනය කළ මවගේ අනියම් සැමියා අත්අඩංගුව වසරකට වැඩි කාලයක පටන් 16 වියැති පාසල් සිසුවියක අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියගේ මවගේ අනියම් සැමියා අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 27 March 2020
දක්ෂිණ අධිවේගීයේ මාර්ග අවහිරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වලිපැන්න-කුරුදුගහහැතැක්ම අතර 52 කණුව අසළදී බවුසරයක් පෙරලීයාමෙන් අද (27 ) අලුයම් කාලය වනතෙක් වැලිපැන්න -කුරුදුගහහැතැක්ම අතර බෙලිඅත්ත සිට කොළඹ දෙසට යන මංතීරුව වසා දැමීමට දක්ෂිණ අධිවේගී මාර්ග පොලීසිය පියවර ගත්තේය . 27 March 2020
කොරියානු ජාතිකයින් 10 ක් නිරෝධායනය අවසන් කර පිටව යයි නිරෝධායනය සාර්ථකව අවසන් කළ කොරියානු ජාතිකයින් 10 දෙනෙකුට අද (26) එම ක්‍රියාවලිය අවසන් කළ බවට සහතික නිකුත් කළ බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 26 March 2020
උඩුගම රෝහලෙන් ගෙදරටම බෙහෙත් උඩුගම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය විසින් සායනික රෝගීන්ගේ නිවෙස්වලට ගොස් බෙහෙත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. 26 March 2020
දැඩි කොන්දේසි මත කල්පිටියේ ධීවරයින්ට මුහුදු යන්න අවසර දැඩි නීතී සහ කොන්දේසි යටතේ කල්පිටි ධීවරයින්ට අද (26) දින සිට මුහුදු යෑමේ අනුමැතිය පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා විසින් ලබාදෙන ලදී. 26 March 2020
මොරවක සෞඛ්‍ය කාර්යාලයට කොරෝනා වලින් බේරෙන්න උපකරණ පරිත්‍යාගයක් පාදයෙන් ක්‍රියා කළ හැකි කරාමයක් සහිත අත් සේදීමේ බේසම් සහ මුඛ ආවරණ තොගයක් මොරවක ,ඇතා මල ඇල්ල නිල්වලා විදුලි පුද්ගලික සමාගම සහ විදුල්ලංකා සමාගම විසින් අද (26) මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පරිත්‍යාග කිරීම කෙරුණි . 26 March 2020
කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයට ගමනාගමන පහසුකම් කොරානා වයිරස් ආසාදන තත්වයෙන් ජනතාව මුදා ගැනීමට දිවි නොතකා කටයුතු කරන කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුව සඳහා ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට සිය පෞද්ගලික සුඛෝපභෝගි බස් රථ යෙදවා තිබේ. 26 March 2020
කරාපිටිය රෝහලට මුඛ ආවරණ පරිත්‍යාගයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කිරීම අද (26) කරාපිටිය පරිසර හා ප්‍රජා සංවර්ධන සමිතිය මගින් සිදු කළේය. 26 March 2020
ඇඳිරි නීතිය තිබියදී අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙකු අද(25) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසීය. 26 March 2020
ඇඳිරිය වේලාවේ වෙනිවැල් කැපු අයෙකුට දඩ ඇඳිරි නීතිය පනවා තිබන කාලයේ ඉඔුල්පේ රත්මලවින්න රක්ෂිතයේ වෙනිවැල්ලගැට කැපු පුද්ගලයෙකු අධිකරණයේදී වරදකරුවකු වීමෙන් පසු රැපියල් 15000 දඩයක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) දා නියෝග කළේය. 26 March 2020
ඇඳිරි නීතිය වේලාවේ රක්ෂිතයේ මැණික් ගැරූ පුද්ගලයෙකුට දඩ ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ බලන්ගොඩ රජවක රජයේ රක්ෂිතයට ඇතුළු වි අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයෙකුට රුපියල් 65000 ක දඩ ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) දා නියෝග කළේය. 26 March 2020
මහර බන්ධනාගාර නිලධාරීන්ට වියළි ආහාර මල්ලක් කොරෝන වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රජයේ හා සෞඛ්‍ය අංශවල වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් බන්ධනාගාර නේවාසිකයන්ගේ ආරක්ෂාව හා රැකවරණට දිවා රාත්‍රී සේවයේ යෙදී සිටින මහර බන්ධනාගාරයේ සහ ඊට අනුබද්ධ ආයතනවල සේවය කරනු ලබන නිලධාරින්ට සහන මිලට වියළි ආහාර ද්‍රව්‍ය හා නැවුම් එළවළු පාර්සල් ලබාදීම අද (26) මහර බන්ධනාගාර පරිශ්‍රයේදී සිදුකෙරිණි. 26 March 2020
ඇඳිරි නීතිය තිබියදී යක්කල මාළු වෙළඳාම නවතයි ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී අද (26) පෙරවරුවේ ධීවර සංස්ථාවට අයත් යක්කල වෙළඳසල විවෘත කර පාරිභෝගිකයින්ට මාළු අලෙවි කරමින් තිබියදී පොලීසිය වහා පැමිණ එය නවතා දැමීමට පියවර ගත් ආකාරයක් දක්නට ලැබිණි. 26 March 2020
මාතලේ කොමඩු ගොවියන්ට විධිමත් අලෙවි සැලසුමක් මාතලේ - විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අක්කර 1,500 ක පමණ වගාකර ඇති කොමඩු විකුණාගත නොහැකිව සිටින ගොවීන් සදහා විධිමත් අලෙවි සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පියවර ගත්තේය. 26 March 2020
ඇදිරිනීතියේදී ගංජා ජාවාරම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට ඇඳිරිනීතිය පවතින කාලය අතරතුර යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේ ගමන්ගත් ඉන්දීය ජාතිකයෙකු සහ කේරල ගංජා ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 March 2020
මාතලේ ප්‍රා.ලේ කාර්යාලයට මුඛ ආවරණ පරිත්‍යාගයක් මාතලේ නාඋල හුංගන්වෙල වෙළඳ ප්‍රජාව එක්ව නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුඛ ආවරණ පරිත්‍යාග කිරීමක් සිදුකෙරිණි. 26 March 2020
කොළඹ මහනගර සභාවෙන් ආහාර මල්ලක් නොමිලේ දෙන්න යයි කොළඹ මහනගර සභා සීමාවේ පදිංචි ජනතාවට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත මලු 50,000ක් නොමිලේ බෙදා දීමට කොළඹ මහනගර සභාව මගින් පියවර ගෙන තිබේ. 26 March 2020
කරුවලගස්වැව රක්ෂිතයේ ගින්නක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පුත්තලම දිස්ත්‍රීක්කයේ කරුවලගස්වැව වන්නියාගම වන රක්ෂිතයේ අක්කර සියයක පමණ ප්‍රදේශයක ඇති වූ ගින්නක් මහත් පරිශ්‍රමයක් දරා අද 25 සවස නිවා දැමීමට පියවර ගත් බව සාලියවැව පොලීසිය කියයි. 25 March 2020
වයඹ පළාත් පාලන අරමුදලින් අඩු ආදායම්ලාභි පවුල් වලට සහනාධාර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටින වයඹ පළාතේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා සහනාධාර සැපයීමට පළාත් පාලන ආයතන නියෝජිතයන් වෙනුවෙන් වෙන්කර ඇති සංවර්ධන අරමුදලෙන් සහ පළාත් පාලන ආයතන අරමුදල් වලින් මුදල් වෙන්කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා නියම කර ඇත. 25 March 2020
රත්තොට ප්‍රා.ලේ. කාර්යාලයට මුඛ ආවරණ 1000 ක් නොමිලේ මසා නිමකළ මුඛ ආවරණ 1,000 රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලට නොමිලේ ලබා දිම මාතලේ රත්තොට වනරානිය විශාඛා කාන්නා සමිතිය මගින් අද (25) ෙපස්වරුවේ සිදු කෙරුණි. 25 March 2020
මාලිගාවත්තේ ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මාලිගාවත්ත ප්‍රදේශයේ ජනතාවට අද (25) වියළි ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. 25 March 2020
කුලියාපිටියේ දිළිඳු පවුල් සඳහා වියළි ආහාර මල්ලක් කුලී රැකියාවන්හි නියුතු එහෙත් මේ දිනවල රටේ පවත්නා තත්වය අනුව රැකියා කරගැනීමට නොහැකිව ආදායම් අහිමි දිළිඳු පවුල්වල අයට රුපියල් 5000 ක් පමණ වටිනාකමකින් යුතු වියළි ආහාර මල්ලක් ලබාදීම අද(25) පෙරවරුවේ සිදුවිය. 25 March 2020
කඩුවෙල නගර සභාවෙන් වියළි ආහාර මල්ලක් කඩුවෙල නගර සභා බල ප්‍රදේශයේ පදිංචි පවුල්වලට බෙදාදීම සඳහා වියළි ආහාර අඩංගු මලු සැකසීම අද (25) සිදු කෙරිණි. 25 March 2020
අංහංගම පොලීසි- රෝහල්වලට නොමිලේ මුඛ ආවරණ අහංගම, මිදිගම ගැමි සුවඳ මිතුරු පදනම විසින් රෝහල්වලට සහ පොලිස් ස්ථානවලට මුඛ ආවරණ 8000ක් නොමිලේ ලබා දිමට පියවර ගෙන ඇත. 25 March 2020
හෝමාගම රෝහලේ කාර්ය මණ්ඩලයට හිමිවරු එළවළු පිරිනමති කොවිඞ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් බවට සැක කරන රෝගීන් ඇතුලත් කිරීම සදහාම වෙන් වූ හෝමාගම මූලික රෝහලේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට එළවළු තොගයක් පරිත්‍යාග කිරීම පාදුක්ක හල්බරාව නිමලාරාම විහාරස්ථානයේ විහාරාධිපති වරායායේ සමිත හිමියෝ අද (25) කටයුතු කළහ. 25 March 2020
බෙලිඅත්ත ප්‍රා.සභා පොහොට්ටු මන්ත්‍රීවරු අඩු ආදායම්ලාභීන්ට වැටුප පිරිනමති සිය මාර්තු මස වැටුප කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු අද(25) පරිත්‍යාග කළහ. 25 March 2020
කඩුවෙල ජනතාවට බෙදීමට නොමිලේ මුඛ ආවරණ මසති රට පුරා ක්‍රියාත්මක වන කොරෝනා මර්දන වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා මුඛ ආවරණ මසා නොමිලේ ජනයාට බෙදාදීමට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කරමින් සිටිති. 25 March 2020
කොරෝනා මර්දනයට රත්තොට වැඩසටහන් රැසක් පවත්නා තත්ත්වය හේතුවෙන් රත්තොට කොට්ඨාසයේ ජනතාව උදෙසා අවශ්‍ය පහසුකම් සැලසීම සහ ආරක්ෂාකරගැනීම සඳහා වන ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවක් අද (25) පෙරවරුවේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 25 March 2020
කහල්ල අභයභුමියේ දඩමස් ජාවාරමක් වටලයි ඇදිරිනීතිය බලපැවැත්වෙන අතරතුරදී කහල්ල පල්ලෙකැලේ අභයභූමියේ පවත්වාගෙන ගිය මහ පරිමාණ දඩමස් ජාවාරමක් කොටුකර ගැනීමට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද (25) සමත්ව වුහ. 25 March 2020
උතුරු මැද ජනයාට ආහාර බෙදාහැරීමට විශේෂ උපදෙස් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් රජය විසින් ඇඳිරි නීතිය පනවා තිබෙන කාලසීමාවේ මහජනතාවට එදිනෙදා පරිභෝජනය සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම ලොරි රථ යොදවා ගමින් ගමට බෙදා හැරීමේ වැඩපිළිවෙළ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල වඩාත් ශක්තිමත් කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර හේරත් මහතා අද(25) රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 25 March 2020
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025