IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මාතලේ කොමඩු ගොවියන්ට විධිමත් අලෙවි සැලසුමක්

(ඉන්දික අරුණ කුමාර)

මාතලේ - විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අක්කර 1,500  ක පමණ  වගාකර ඇති කොමඩු විකුණාගත නොහැකිව සිටින ගොවීන් සදහා විධිමත් අලෙවි සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පියවර ගත්තේය.
 
විල්ගමුව - මාරක ප්‍රදේශයේ කොමඩු වගා කරුවන් මුණ ගැසි ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් කළ  සාකච්ඡාවකින් අනතුරුව  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි කොමඩු ගොවීන් සදහා නිසි මිලක් ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ගොවින්ට කියා සිටියේය.
 
වසරකට එක් වරක් වගා කෙරෙන විල්ගමුවේ කොමඩු වගාවන් වල අස්වැන්න නෙළිමේ කාලය මේ වන විට සිදුකල යුතුව ඇති බවත්, එහෙත් ඒ සදහා නිසි මිලක් නොමැති බවත් මෙම අවස්ථාවේ දී ගොවීන් කියා සිටියේය.
කිලෝ ලක්ෂ පහක පමණ ප්‍රමාණයක් වූ කොමඩු අස්වැන්න එක වර දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයට ලැබුනොත් ගොවීන්ට නිසි මිලක් ලබාදීම ගැටළුවක් වන බවත්,නිසි ක්‍රම වේදයක් යටතේ දිනපතා කොමඩු දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයට රැගෙන එන ලෙසත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ගොවීන්ට උපදෙස් ලබාදුන්නේය.
 
මාතලේ දිස්ත්‍රික්කයේ කොමඩු වගාකරැවන් සදහා ස්ථාවර මිලක් පවත්වා ගැනීම සදහා අවශ්‍ය කටයුුතු දඹුල්ල වෙළද සංගමය සමග සාකච්ඡා කර තිරණයක් ගන්නා බවත්  කීවේය.
 
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වෙළඳ ආර්ථිකයට එල්ලවී ඇති අවදානම් තත්ත්වය ගොවීන්ට දැරිමට වත්මන් ආණ්ඩුව කිසිසේත් ඉඩ නොතබන බව ද ගොවීන් හමුවේ කියා සිටියේය.


 



අදහස් (1)

මාතලේ කොමඩු ගොවියන්ට විධිමත් අලෙවි සැලසුමක්

Sanath Kandy Thursday, 26 March 2020 06:51 AM

මේ විදිහට් මිනිස්සු එකතු කරන එක වැරදියි. මේ ඔක්කොම මනාපෙට කෑදරකම නිසා.

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 829 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1776 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site