කරාපිටිය රෝහලෙන් තොරතුරු ගන්න දුරකථන අංකයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ තොරතුරු මහජනතාවට ලබා ගැනීම සඳහා පැය 24 පුරාම විවෘත හදිසි ඇමතුම් අංකයක් මහජනතාව වෙනුවෙන් අද (28) සිට ක්‍රියාත්මක බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 28 March 2020
රත්මලානට සහන මලු නෑ දෙහිවල ගල්කිස්ස නගරසභා බලප්‍රදේශයේ රත්මලාන කාශියාමාවත,ගාමිනි මාවත ඇතුලු වෙඩිකන්ද ජනතාවට මෙතෙක් අත්යවශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම නිසා දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි ප්‍රදේශවාසින් පවසයි. 28 March 2020
කොරෝනා සැක තවත් අයෙක් මහනුවරින් අයි ඩී එච් රැගෙන එයි කෝවිඩ් - 19 ආසාදනය වු බවට සැක අකුරණ තෙලබුගහවත්ත ප්‍රෙද්ශයේ රෝගියෙකු අද (28) උදෑසන මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කොළඹ අයි ඩි එච් රෝහලට මාරු කර යැවු බව මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමින් රත්නායක මහතා පැවැසිය. 28 March 2020
හැටන් ගමක් පානීය ජල හිඟයෙන් පීඩාවට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියලි කාළගුණ තත්වය හමුවේ වතු කම්කරුවෝ උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුණ පා සිටිති. 28 March 2020
විල්ගමුව ජනතාවට සහන බඩු ලබා දෙයි කොරෝනා වයිරසය මැඩ පැවැත්විම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනිම හේතුවෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි අසරණභාවට පත්ව සිටින පවුල් ඒකක වෙත වියළි ආහාර මල්ලක් ලබා දිමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව අද (28) උඩුවෙල්වල ග්‍රාම නිලධාරි කොට්ඨාසයේදී සිදු කෙරිණි. 28 March 2020
දික්ඔය රෝහල් කාර්ය මණ්ඩලයට අත්‍යාවශ්‍ය ආහාර කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණඩලයට සහනදායි මිලට රෝහල තුලදිම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දිමේ වැඩපිලිවෙලක් සිමා සහිත හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතිය මගින් අද ආරම්භ කර ඇත. 28 March 2020
දකුණු පළාතේ ජල හිඟයට ජල ටැංකි 100 ක් දකුණු පලාතේ පවතින වියලි කාලගුණය හේතුවෙන් පානීය ජල හිඟයකට මුහුණ පා සිටින නල ජල පහසුකම් නොමැති ප්‍රදේශ රැසක ජනතාවට බවුසර් මගින් ජලය සැපයීමට දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ . 28 March 2020
හැටන් අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි සලාක කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම නිසා රජය විසින් තව දුරටත් පනවා ඇති ඇඳීරි නීතිය හේතුවෙන් හැටන් කුඩාඔය ප්‍රදේශයේ අඩු අදායම් ලාභි පවුල් සඳහා වියලි සලාක බෙදා දිම හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ජී .එස් පලිපාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 28 March 2020
වන අලියගේ පහර කෑ පුද්ගලයා මරුට බුද්ධම වරාගම ප්‍රදේශයේ වැවකට මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙකු වන අලියෙකු පහරදීමෙන් මියගොස් ඇතැයි ගොවිඳුපුර පොලීසිය පවසයි. 28 March 2020
කරාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලයට මුඛ ආවරණ පරිත්‍යාගයක් වංචාවල කලහේ බිනාරි ඇපරල් ආයතනය මගින් මුඛ ආවරණ තොගයක් කරාපිටිය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කෙරේ. 28 March 2020
දැව ජාවාරමේ නිරත පුද්ගලයෙක් අත්අඩංගුවට නවගත්තේගම කලවැල්ලෑව රක්ෂීතයේ දැව ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙකු කපන ලද දැව තොගයක් සමඟ අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා වන නිලධාරී කාර්යාලය පැවසීය. 27 March 2020
ඇඳිරිනීතිය නොතකා කටයුතු කළ 12 දෙනෙක් අත්අඩංගුවට ඇඳිරිනීතිය පනවා තිබියදී මොරොන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත් වූ පිය පුතු දෙපලක් ඇතුළු පුද්ගලයන් 12 දෙනෙක් අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කලුතර දිසා දූෂණ මර්ධන අංශය කියයි. 27 March 2020
ඇඳිරිනීතිය අස්සේ මැණික් ගැරූ 2 ක් අත්අඩංගුවට ඇඳිරිනීති පැවතියේදී අද (27) මැණික් ගැරූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මස්කෙළිය පොලිසිය කියයි. 27 March 2020
රතු තරුව සහන සේවා බලකායෙන් ඇල්ල පොලිසියට -දෙමෝදර රෝහලට මුඛ ආවරණ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සහ දෙමෝදර රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ප්රමුඛ කාර්ය මණ්ඩලය සදහා අවශ්‍ය මුඛ ආවරණ තොගයක් ශ්‍රී ලංකා රතු තරුව - සහනසේවා බලකාය අද(27) පරිත්‍යාග කළේය. 27 March 2020
පස්සර හමුදා නිලධාරීන්ගෙන් වතු කම්කරු පවුල් 18කට අත්‍යවශ්‍ය ආහාර රට තුළ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත තත්වයත් සමග ඇදිරි නීතිය පැනවීමෙන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින වතු කම්කරු පවුල් 18 ක් සදහා අත්‍යවශ්‍ය ආහාර සහිත වියළි සලාක බෙදාදීමක් පොලිස් විශේෂ කාර්ය බලකායේ පස්සර ආගරතැන්න කදවුරේ නිලධාරීන්ගේ මූල්‍යමය දායකත්වය මත අද (27) සිදුකෙරිනි. 27 March 2020
බලන්ගොඩ අඩු ආදායම්ලාභි පවුල් වලට ආහාර මල්ලක් බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම් ලාභි පවුල් සඳහා රුපියල් 1200 ක් වටිනා ආහාර මලු 1000 ක් සකස් කිරීම අද (27) ආරම්භ කෙරිණි. 27 March 2020
දැව කඳන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට නවගත්තේගම කලවැල්ල රජයේ රක්ෂිතයෙන් ඇඳිරිනීති අවස්ථාවේ කපා ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබූ දැව තොගයක් සමඟ පුද්ගලයෙකු අද (27) අත්අඩංගුවට ගත්බව ආණමඩුව අඩවි වන කාර්යාලය පවසයි. 27 March 2020
නාගොඩ ප්‍රා. සභාවට දකුණේ ආණ්ඩුකාරවරයාගෙන් මුදල් පරිත්‍යාගයක් කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින මහජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දුන් බව නාගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති නිමල් වික්ටර් නාගොඩවිතාන මහතා පැවසීය. 27 March 2020
ඇඳීරිනීතියේදී වල්ලපට්ටා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට ඇඳිරි නීතිය කාලය තුළදී හොර රහසේ නීති විරෝධී අයුරින් වල්ලපට්ටා කිලෝ 09 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කළුබෝවිටියන ,රුවන්කන්ද ප්‍රදේශයේ දී යතුරුපැදිය සමග අද (27) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි. 27 March 2020
බෙන්තර පවුල් 1020 කට නොමිලේ ආහාර මල්ලක් බෙන්තර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 1020 කට වියළි ආහාර ද්‍රව්‍ය නොමිලේ බෙදාදීම අද (27) සිදුකෙරිණි. 27 March 2020
වියත් මඟ රත්නපුර සාමාජිකයින්ගෙන් රත්නපුර රෝහලට පරිත්‍යාගයක් රත්නපුර ශික්ෂණ රෝහලේ කොරෝනා වයිරසය ආසාදිත යැයි සැකසහිත රෝගීන් නේවාසික ප්‍රතිකාර ලබන වාට්ටු සංකීර්ණයේ පහසුකම් සංවර්ධනය සඳහා වියත් මඟ රත්නපුර සාමාජික පිරිසක් විසින් උපකරණ තොගයක් පරිත්‍යාග කළේය. 27 March 2020
විෂ බීජනාශක දියර ඉසින යන්ත්‍ර 213ක් බෙදාදෙයි කොරෝනා වසංගතය මැඩපැවැත්විම සදහා විෂබීජනාශක දියර ඉසින ටැංකි 213 දකුණු පළාතේ පළාත් පාලන ආයතන වෙත බෙදාදිමට කටයුතු කර ඇති බව දකුණු පලාත් පාලන දෙපාර්තමේන්තුව පවසයි. 27 March 2020
ඇඳිරි නීතිය කඩ කළ ඌවේ 167 ක් අත්අඩංගුවට කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් රට තුළ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත තත්වය මත පනවා පොලිස් ඇදිරි නීතිය කඩකළ පිරිස් 3000කට අධික පිරිස අතරින් ඌව පළාත් පුද්ගලයින් 167 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙන බව ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය. 27 March 2020
අප්‍රේල් මහජන ආධාර හා රෝගාධාර මුදල් යවා අවසන් දකුණු පළාතේ මහජන ආධාර හා රෝගාධාර ලබන පුද්ගලයින්ගේ අප්‍රේල් මස දිමනා මුදල් මේ වනවිටත් දකුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යවා ඇති බව දකුණු පළාත් පරිවාස කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි. 27 March 2020
වවුනියාවේ එළවළු මිල ඉහළට ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ ජනතාව විශාල ප්‍රමාණයක් අද (27) දිනයේ වවුනියාව නගරයේ එළවළු මිළදී ගැනීමට පැමිණීමත් සමඟ එළවළු මිළ සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසති. 27 March 2020
උකුවෙල වැඩිහිටි දීමනාව ගෙදරටම රට තුළ පවතින වාතාවරණය හමුවේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල රජය මගින් ලබාදෙන මාසික වැඩිහිටි දීමනා සිය නිවෙසටම ගොස් ලබාදීමට උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. 27 March 2020
බෙන්තොට වැඩිහිටි දීමනාව නිවසටම බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල රජය මගින් ලබාදෙන මාසික වැඩිහිටි දීමනා හිමි වැඩිහිටියන්ට දැනට රටේ පවතින වාතාවරණය සලකා එම දීමනාව සිය නිවෙසටම ගොස් ලබාදීමට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. 27 March 2020
ඌව පරණගම රජයේ වන වගාවක ගින්නක් ඌවපරණගම ලද්දුම වැලිහෙළ රජයේ වනවගා රක්ෂිතයේ අද (27) ගින්නක් පැතිර යමින් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 27 March 2020
ඇඳිරි නීතිය තිබියදීත් රෙඩ්බානාගම වැසියන්ට ජලය ලබාදෙයි උකුවෙල රෙඩ්බානාගම ප්‍රදේශයට පවතින උග්‍ර ජල හිඟය හේතුවෙන් එම ප්‍රදේශයට පානිය ජල පහසුකම් ලබා දීම සඳහා උකුවෙල ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපති චේතිය දිසානායක මහතා අද (27) පැවසීය. 27 March 2020
බදුල්ලේ රෝහල් කාර්ය මණ්ඩලයට පළාත් සභාවෙන් ප්‍රවාහන පහසුකම් ඇදිරි නීතිය පවතින කාල සීමාව තුළ බදුල්ල මහ රෝහලේ රෝහල් කාර්ය්ය මණ්ඩල ප්‍රවාහනය කිරීමට ඌව පළාත් සභාවේ අමාත්‍යාංශ වලට අයත් වාහන ලබාදුන් බව පළාත් ප්‍රධාන ලේකම් පි.බී විජයරත්න මහතා පැවසීය. 27 March 2020
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025