IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


විෂ බීජනාශක දියර ඉසින යන්ත්‍ර 213ක් බෙදාදෙයි

(ජේ.කේ.එල් චාමින්ද)

කොරෝනා වසංගතය මැඩපැවැත්විම සදහා විෂබීජනාශක දියර ඉසින ටැංකි 213 දකුණු පළාතේ පළාත් පාලන ආයතන වෙත බෙදාදිමට කටයුතු කර ඇති බව දකුණු පලාත් පාලන දෙපාර්තමේන්තුව පවසයි.

මේ තුළින් පලාතේ සියලු පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුත්ත ප්‍රමුඛ කාර්යයක් ලෙස මේ මොහොතේ සියලු පලාත් පාලන ආයතන විසින් සිදු කරනු ලබන බවද පළාත් පාලන දේපාර්තමේන්තුව පවසයි.

මිට අමතරව රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන හා මගී බස්රථ ද විෂබීජහරණය කිරීමේ කටයුතු පළාත් පාලන ආයතන විසින් සිදුකරණ බව පළාත් පලාත් පාලන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම මාලිම්බඩ ප්‍රාදේශිය සභාව රු. 1000/= ද්‍රව්‍ය මල්ලක් නිවසටම ලබාදීම සිදුකර ඇති අතර මේ වන වට ගාල්ල මහා නගර සභාවද ජංගම අලෙවිය ආරම්භ කර තිබේ.

වීරකැටිය ප්‍රාදේශිය සභාව තම මන්ත්‍රීවරුන් මගින් කොට්ඨාසයකට එක් ජංගම අලෙවි රථය බැගින් යැවීමට කටයුතු කර ඇති බවද පලාත් පලාත් පාලන දෙපාර්තමේන්තුව පවසයි.

අම්බලන්ගොඩ නගර සභාව, නාගොඩ, තංගල්ල, හම්බන්තොට, අක්මීමන, කොටපොල, අතුරලිය ආදී ප්‍රාදේශිය සභා රැසක් විසින් ද ප්‍රදේශයේ සතොස, සමූපකාර සමිති හා පෞද්ගලික තොග වෙළද ආයතන සම්බන්ධ කර ගනිමින් ජනතාවට ද්‍රව්‍ය සැපයීමේ ක්‍රමවේද සූදානම් කර ඇති බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සෙනක පල්ලියගුරුගේ මහතා පවසයි.

එමෙන්ම හික්කඩුව නගර සභාව, බෝපෙ පෝද්දල, නියාගම, වැලිගම හා බෙලිඅත්ත ප්‍රාදේශිය සභා විසින් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සලයක් අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලයේ ලබා දීමටද මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද පළාත් පාලන කොමසාරිස්වරයා සදහන් කළේය.



අදහස් (0)

විෂ බීජනාශක දියර ඉසින යන්ත්‍ර 213ක් බෙදාදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site