(එස්. ඩි. කොඩිකාර )
ඇඳිරි නීතිය කාලය තුළදී හොර රහසේ නීති විරෝධී අයුරින් වල්ලපට්ටා කිලෝ 09 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කළුබෝවිටියන ,රුවන්කන්ද ප්‍රදේශයේ දී යතුරුපැදිය සමග අද (27) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු (33) හැවිරිදි දංගල ,අලපාලාදෙනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
මොරවක පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත රුවන් කන්ද ප්‍රදේශයේ සිට කළුබෝවිටියන ප්‍රදේශය දක්වා වල්ලාපට්ටා ප්‍රවාහනය කරමින් සිටින අතරතුර රුවන් කන්ද පන්සල ආසන්නයේ දී සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත .
සැකකරු මෙම වල්ලපට්ටා රුවන්කන්ද කැළෑවෙන් කපා පෝර උරයක බහා යතුරු පැදිය පිටුපස ගැටගසා ප්‍රවාහනය කරමින් තිබූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි දිනයකදී මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .
(ඡායාරූප - ප්‍රියංකර ගමගේ)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳීරිනීතියේදී වල්ලපට්ටා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට