(ජේ.ඉඳුරුවගේ )
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල රජය මගින් ලබාදෙන මාසික වැඩිහිටි දීමනා හිමි වැඩිහිටියන්ට දැනට රටේ පවතින වාතාවරණය සලකා එම දීමනාව සිය නිවෙසටම ගොස් ලබාදීමට බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. .
අමතර වියදමක් ද දරමින් තැපැල් කාර්යාලය වෙත ගොස් ලබා ගත යුතු මෙම දීමනාව ග්‍රාම නිලධාරීන් මගින් දීමනාලාභීන් අතටම පත් කිරීම මෙහිදී සිදුවේ .
මේ අනුව බෝදිමලුව ග්‍රාම නිලධාරී විමල් සෝමරත්න මහතා ඇඳිරි නීති සමය තුලදීම සිය වසමේ පදිංචි රෝගීව එක්තැන්ව සිටින වියපත් මව්වරුන්ට එම දීමනාව නිවසටම ගොස් ලබා දීම ආරම්භ කිරිම සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර කොටුව ග්‍රාම නිලධාරිතුමා වන ඊයෙ දිනයේ වැඩිහිටි දීමනාව නිවසටම ගෙන ගොස් ලබා දීමට කටයුතු කළේය. එතුමාට වැඩිහිටියන්ගේ කෘතවේදිත්වය පිරිනැමේ.