එෆ්.අස්ලම්
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් රට තුළ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත තත්වය මත පනවා පොලිස් ඇදිරි නීතිය කඩකළ පිරිස් 3000කට අධික පිරිස අතරින් ඌව පළාත් පුද්ගලයින් 167 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙන බව ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය.
පසුගිය 20 වනදා සිට 26 වනදා තෙක් පැවති ඇදිරි නීති කාල සීමාව තුළ මාර්ගයේ නිකරුනේ හැසිරීම, ඇතුළු ඇදිරි නීතියට පටහැනි විවිධ චෝදනාවන් මත මෙම පුද්ගලයින් 167 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙන අතර වාහන 23ක්ද පොලිසිය බාරයට ගෙන තිබේ.
බදුල්ල දිසාවේ බදුල්ල හා බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස වලින් සහ මොණරාගල දිසාවේ යොදවා ඇති පොලිස් මාර්ග බාධක වලින් සහ ජංගම සංචාරවල නිරත නිලධාරීන් විසින් මෙම පිරිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවද කීය.
මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීම සදහා බදුල්ල හා මොණරාගල දිසාවන්හි සියළු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබෙන බවද පොලිස් ජංගම මුර සංචාර සහ මාර්ග බාධකද යොදවා තිබෙන බවත් ඇදිරි නීතිය කඩකරන සියළුම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවසන් වශයෙන් සදහන් කලේය.
2025 නොවැම්බර් මස 04
827
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1775
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳිරි නීතිය කඩ කළ ඌවේ 167 ක් අත්අඩංගුවට