වයඹ පළාතේ ජනතාවට බෙදන්න සමූපකාරවල අත්‍යවශ්‍ය ආහාර නැහැ
රට තුළ ඇඳිරි නීතියක් පනවා තිබෙන අවස්ථාවක වයඹ පළාතේ ජනතාවට බෙදා හැරීමට සහල්, පරිප්පු, සැමන්, පිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිවක් වයඹ පළාතේ සමූපකාර සමිති සතුව නැතැයි අද (23) පස්වරුවේ කුරුණෑගල පැවති රැස්වීමකදී වයඹ පළාතේ සමූපකාර සංගම් නියෝජිතවරු චෝදනා කළහ.