(ප‍්‍රදීප් කුමාර)
මෙරට උද්ගතවී ඇති තත්වය හමුවේ ජනතාවට හා අත්‍යවශ්‍ය සේවා වල නිරත පිරිස් සඳහා අවශ්‍ය මුඛ ආවරණ මැසීමට වවුනියාව සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් කටයුතු ආරම්භ කොට තිබේ.
ඒ අනුව ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන ඇගලූම්හල්වල මෙම මුඛ ආවරණ මැසීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
එම මුඛ ආවරණ ඉදිරියේදී රටේ ජනතාවට හා අත්‍යවශ්‍ය සේවා වල නිරත පිරිස් වෙනුවෙන් බෙදා දීමට සැලසුම් කර ඇති බව වවුනියාව සිවිල් ආරක්ෂක බලකා නිලධාරීහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ප්‍රමිතියක් නැහැ. ඔයිට වඩා හොදයි ලේන්සුවකින් මුහුණ බැඳගෙන යන එක.