රොමේෂ් මධුෂංඛ
මන්නාරම නගරයේ සැක කටයුතු ලෙස හැසිරුනු ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
උතුරු මැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් සහ මන්නාරම පොලිසිය එක්ව මන්නාරම නගරයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයින් පිළිබඳ සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී ඔවුන් ඉන්දීය ජාතිකයින් බවට අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන බවට තහවුරු වී ඇති අතර, මෙම පුද්ගලයින් 2020 මාර්තු 13 වන දින දිවයිනට පැමිණ ඇති බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.
තවද, නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මන්නාරම පොලිසිය සිදු කරන අතර, පවතින සෞඛ්‍ය තත්වය යටතේ මෙම පුද්ගලයින් මන්නාරම පොලිසියේ අධීක්‍ෂණය යටතේ ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතව ඇත
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට
anula Wednesday, 25 March 2020 07:17 AM
කොරෝනා නිසා මේ අය රටින් පැනලා එන්න ඇති. වහාම මුහුද අවට ආරක්ෂාව වැඩි කරන්න.