(ශාන්ත චන්ද්‍රසිරි)
කොරෝනා වයිරසය ඇතුළු බෝවන රෝග අවදානමට ලක්වෙන ප්‍රජාව සඳහා ප්‍රතිකාරයක් ලෙස දේශීය ඖෂධ භාවිතා කර සකස් කරන ලද විශේෂ පළඳනාවක් මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තුමේන්තුව මගින් නිෂ්පාදනය කර තිබේ.
මෙම විශේෂ ඖෂධ පළඳනාව මධ්‍යම පළාත තුළ බෙදා හැරීමේ වැඩ සටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරිණි.
පෙරුම්කායන් සහ තවත් රසායනික සංයෝග කීපයක් භාවිතා කරමින් මෙම නව පළඳනාව මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තුමේන්තු මගින් නිෂ්පාදනය කර තිබේ.
විශේෂ ඇසුරුමක සකස් කර ඇති මෙම ඖෂධ පැකැට්ටුවෙන් ලබා ගන්නා ද්‍රව්‍ය කපු රෙදි කඩක් භාවිතා කරමින් අතේ හෝ ගෙලේ පැළැදීමෙන් බෝවන රෝග ආසාදනය වීම වළක්වා ගත හැකි බව මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා මෙහෙදී කීය.
මෙම විශේෂ ඖෂධ සංයෝගය ඇතුළත් පැකට්ටුව මධ්‍යම පළාතේ ආයතනයන් වෙත බෙදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.

2025 නොවැම්බර් මස 04
829
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1776
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා ඇතුළු බෝවන රෝග අවදානමට පිළියමක් ලෙස විශේෂ අත් පළදනාවක්
saman Monday, 23 March 2020 08:46 AM
දැන් බයවෙන්න දෙයක් නැහැ . ඕක දාගත්තම හරි . අපි ඇදිරි නීතිය අයින් කරමු