(ඩී.ජී.සුගතපාල)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු අද(23) සවස ගිංතොට පොල්දුව ප්‍රදේශයේදි තරුණයෙකුට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ 22හැවිරිදි තරුණයෙකි. ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කරඇත.
සැකකරුගේ සහෝදරියක් සමග තුවාලකරු ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් එයට උරණවු සැකකරු මෙසේ කඩුවකින් පහරදි ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණයවි තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd