(රංජිත් රාජපක්ෂ)
රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නගරයට යාමට නොහැකිව සිටින හැටන් වතු කම්කරුවන් පදිංචි වතුයායට ගොස් සහනදායි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත ආහාර මල්ලක් ලබාදීමට අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතිය කටයුතු කළේය.
එම කාර්ය මණ්ඩලය සහනදායි මිලට අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය මල්ලක් බැගින් වතුකම්කරුවන්ට ලබාදුන්හ.
රු 1200 වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය ඇතුළත් ආහාර මල්ලක් රු 1000ට ලබාදුන් අතර , එම ආහාර මල්ල තුල සහල් කිලෝ 5ක්, මයිසුර් පරිප්පු කිලෝවක්, බී ලූනු ග්‍රැම් 500ක් , සිනි කිලෝවක් , අල ග්‍රැම් 500 , පොල් ගෙඩියක්, හාල්මැස්සේ ග්‍රැම් 500ක් ඇතුළත් විය.
ඇඳිරි නීතිය පනවා ඇති සමයේ සහනදායි මිලකට මෙවැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මල්ලක් තමන් ළගමට ගෙනවිත් දීම සම්බන්ධයෙන් වතු කම්කරුවෝ රජයට සිය ස්තුතිය පළ කළහ.
මෙම වැඩපිළිවෙළ ඇඳිරි නීතිය ඉවත් කරන තෙක් සහ වයිරස අවදානම ඉවත්වනතුරු සිදු කරන බව දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සරත් වික්‍රමසිංහ මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වතුකම්කරුවන්ගේ නිවාසවලට අත්‍යවශ්‍ය ආහාර ගෙනැවිත් දෙති
Sanath Kandy Tuesday, 24 March 2020 07:44 AM
මේ අය පෝලිම්වල ඈතින් තියන්න දෙය්යනේ. එහෙම නැතිනම් මේ කරන දේ කිසි වැඩක් නැහැ.