IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දිඹුල -පතන ඩෙවෝන් රක්ෂිතයේ ගින්නක්

(ශාන්ත චන්ද්‍රසිරි)

දිඹුල -පතන ඩෙවෝන් රක්ෂිතයේ විශාල ගින්නක් අද (24) සවස ඇති වී ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.

පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ගින්න රක්ෂිතයේ විශාල බිම් ප්‍රදේශයක් පුරා පැතිරී යමින් පවතී.

මෙම ගින්නෙන්  ඩෙවෝන් රක්ෂිතයේ අක්කර පහකට වඩා බිම් ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශයට පත්ව තිබිණු අතර, තවත් විශාල ප්‍රදේශයක් පුරා ගින්න ව්‍යාප්තව යමින් පැවැතිණි.

ගිනි ගැනීමට ලක් වු රක්ෂිතයේ ඉහළ ප්‍රදේශයේ ඩෙවෝන් දිය ඇල්ල පිහිටා ඇති අතර, පවතින දැඩි වියළි තත්ත්වය හේතුවෙන් මෙම ගින්න රක්ෂිතයේ විශාල කොටසට ව්‍යාප්තව යාමට ඉඩ ඇතැයි පතන වැසියෝ කියති.

දිඹුල- පතන පොලීසියේ පොලිස් පරීක්ෂක නිලන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීහු හා පතන ප්‍රදේශවාසීහු එකතුව රක්ෂිතයේ පැතිරී යමින් පවතින ගින්න නිවා දැමීමට විශාල වෙහෙසක් දරමින් සිටිති.

 



අදහස් (0)

දිඹුල -පතන ඩෙවෝන් රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 829 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1776 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site