ඇඳිරි නීතිය තිබියදී නීති විරෝධී කටයුතු වල නිරත වූ 9 ක් අත්අඩංගුවට ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ දී නීති විරෝධී කටයුතු වල නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකු අද (22) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පැවසීය. 22 March 2020
බලන්ගොඩ වෙළඳසැල් 3ක් ගින්නකින් විනාශයි කොළඹ - බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ රත්මලවින්න ප්‍රදේශයේ වෙළඳසල් තුනක් අද (22)ගිනි ගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි. 22 March 2020
වන අලි පහරින් පුතා මරුට- මව රෝහලේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන මායාදුන්න ගමට පැමිණි වල් අලියෙකු පහරදීමෙන් මවක් සහ පුතෙකු බරපතල තුවාල ලබා අද(22)අම්පාර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුත්‍රයා මියගොස් ඇති බව උහන පොලීසිය පවසයි. 22 March 2020
කහටගස්දිගිලියේ වනඅලි පහර දීමකින් පුද්ගලයෙකු මරුට කහටගස්දිගිලිය රත්මල්ගහවැව මාර්ගයේ නයාකාපුවැව ගම්මානයේ වනඅලියෙකු පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙකු අනූනවයෙන් ජීවිත බේරාගෙන තිබේ. 22 March 2020
ඇල්ල කසළ කන්දේ ගින්නක් ඇල්ල නගරයේ කසළකන්ද ඊයේ රාත්‍රියේ සිට ගිනි ගනිමින් තිබෙන බව පොලිසිය කියයි. 22 March 2020
රත්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ රාජකාරි කටයුතු ජාලගත කෙරේ පවත්නා හදිසි තත්ත්වය හේතුකරගෙන රත්තොට කොට්ඨාසයේ සියලු ග්‍රාම නිලධාරී වසම් ජාලගතව සම්බන්ධ කෙරේ. 21 March 2020
ඇඳිරි නීතිය නොතකා සූදු කෙළියේ යෙදුණු 6ක් අල්ලයි ඇදිරි නීතිය අස්සේ අද සවස (21) තලාතුඔය මයිලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරු පොලක් වටලා සූදුකෙළියේ යෙදුණු 6දෙනෙකු තලාතුඔය පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 21 March 2020
ඇඳිරි නීතිය නොතකා මත්පැන් අලෙවි කළ අයෙකු අත්අඩංගුවට ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ නීති විරෝධිව මත්පැන් විකිණූ 52 හැවිරිදි පුද්ගලයෙක්අද (21) සැක පිටඅත්අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි. 21 March 2020
පානදුර ලී බඩු කඩයක ගින්නක් පානදුර පරත්ත ප්‍රදේශයේ ලීබඩු වෙළෙඳ හලක ගින්නක් හට ගෙන ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි. 21 March 2020
ගාල්ලේ කැලිකසළ එකතුකිරීම නවත්වන්නේ නැහැ ඇඳිරි නීතිය පැවතියද ගාල්ල නගර වැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කැළිකසල එකතුකිරීම අඛණ්ඩව සිදුකරන බව ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි. 21 March 2020
නිධන් හෑරූ සිව් දෙනෙක් ගිනි අවි සමඟ අත්අඩංගුවට කුමන ජාතික වනෝද්‍යානයේ කුමන වැව අසබඩ නිධන් හෑරූ සිව් දෙනෙකු ගිනි අවි දෙකක් සහ මුව මස්තොගයක් ද සමග ඔකඳ වනජීවී කාර්යාලයේ නිලධාරීන් මගින්අත්අඩංගුවට ගෙන තිබේ. 21 March 2020
ඇඳිරි නීතියෙන් ගම්පහ පාලුවට යයි කොරෝනා වයිරසය පැතිරීම වළකාලීමට රජය මගින් දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බැවින් ගම්පහ නගරය පුරා දැඩි පාලු ස්වභාවයකට පත්ව ඇති ආකාරය අද (21) දහවල් නිරීක්ෂණය විය. 21 March 2020
ඌව පළාතේ 320 ක් නිවාස අඩස්සියේ කොරෝනා වයිරසය ආසාදනය වි ඇතැයි සැක කරන ඌව පළාතේ පුද්ගලයින් 320ක් සිය නිවාස වලම නිරෝධායනයට ලක් කර තිබේ. 21 March 2020
සංක්‍රමණික ධීවරයෝ දූපත් හැරයති කල්පිටිය දූපත් සමූහයට අයත් වැඩිම සංක්‍රමණික ධීවර ප්‍රජාවක් වෙසෙන බත්තලංගුණ්ඩුව හා පල්ලියවත්ත ධීවරයෝ සිය ගම්බිම් කරා ගොස් ඇතැයි, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පවසයි. 20 March 2020
කොරෝනා යැයි සැක බන්ධනාගාර රැඳවියෙක් ගැන පරීක්ෂණ බදුල්ලේ බන්ධනාගාර රැඳවියෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක මත පරීක්ෂණයක් යොමු කර තිබේ. 20 March 2020
‘අද බණ්ඩාරවෙලට එන්න එපා’ කොරෝනා අවදානම හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේදී අද(20) විෂබීජහරණය කෙරෙන බැවින් අත්‍යවශ්‍ය කරුණකට හැර නගරයට නොපැමිණෙන ලෙස බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලාසිටී. 20 March 2020
ලොරියක් ගිං ගඟට පෙරැළෙයි බද්දෙගම -නාගොඩ මාර්ගයේ මීමැඩුම පාලම අසළදී ලොරි රථයක් අද (19) මාර්ගයෙන් ඉවතට පැන ගිංගඟට පෙරළීමෙන් රියැදුරු අනූනමයෙන් දිවි ගලවාගෙන ඇති බව බද්දෙගම පොලීසිය කියයි. 19 March 2020
ටී-56 ගිනි අවියක් ගලිගමුවේ සොහොනකින් සොයාගනී ගලිගමුව බොයගම සොහොනක සඟවා තිබූ ටී-56 වර්ගයේ තුවක්කුවක් අද(19) සොයාගෙන ඇතැයි කෑගල්ල පොලිසිය කියයි. 19 March 2020
දේශපාලන පක්ෂ 12 ක් පොළොන්නරුවෙන් නම් දෙති පාර්ලිමේන්තු මැතිවරණය (2020) සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට පිළිගත් දේශපාලන පක්ෂ 12ක් සහ ස්වාධීන කණ්ඩායම් 9 ක් පොලොන්නරුව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා වෙත අද (19) නාමයෝජනා බාරදුන්නේය. 19 March 2020
එජාපය මාතලේට නාම යෝජනා බාර දෙයි පාර්ලිමේන්තු මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා පත්‍රය කණ්ඩායම් නායක ප්‍රියාන් විජේරත්න මහතා විසින් (19)දා මාතලේ තේරිම් බාර නිලධාරි කරුණාසිරි පෙරේරා මහතා වෙත බාර දුන්නේය. 19 March 2020
ලංගම බස් රියැදුරෙකුට පහර දෙයි පෞද්ගලික බස් රථයක සේවකයකුගේ පහර කෑමට ලක්වූ මහියංගන කළුගහකදුර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ලංගම බස් රථයක රියැදුරෙකු අද (19) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල ඇතුළත් කළ බව කන්දකැටිය පොලිසිය පවසයි. 19 March 2020
සමගි ජන බලවේගය මහනුවරට නම් දෙයි එළඹෙන මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අද (19) නාම යෝජනා බාර දෙනු ලැබීය. 19 March 2020
සමගි ජනබලවේගය බදුල්ලට නාමයෝජනා බාරදෙයි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජනබලවේගය බදුල්ල දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍රය අද (19) බදුල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරිනී දමයන්ති පරණගම මහත්මියට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැරණි ශ්‍රවණාගාරයේ දී බාර දුන්නේය. 19 March 2020
සමගි ජනබලවේගයත් වන්නියට නම් දෙයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වෙනුවෙන් සමගි ජන බලවේගය සිය නාමයෝජනා අද (19) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත බාරදුන්නේය. 19 March 2020
පොහොට්ටුව බදුල්ලට නාමයෝජනා බාරදෙයි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම නාම යෝජනා බාරදීම අද (19) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි. 19 March 2020
බේරුවල ෆේස්බුක් සාදයක් වටලයි බේරුවල ගාලුපාරේ සිව්මහල් ගොඩනැගිල්ලක් තුළ පැවැති ෆේස්බුක් සාදයක් වටලා තරුණයින් 16 ක් සහ කාන්තාවන් දෙදෙනෙකු අද (18) රාත්‍රී අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පැවසීය. 19 March 2020
ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට කන්දකැටිය ප්‍රදේශයේදී බෙහෙත් කොටන ලද තුවක්කුවක් සහ පතුරොම් තුවක්කුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පැවසීය. 18 March 2020
දුම්රිය මැදිරි ජීවානුහරණය කරයි දෙමටගොඩ , මරදාන , මාලිගාවත්ත ධාවනාගාරයන් තුළට පැමිණෙන සෑම දුම්රියක්ම ජීවානුහරණය කිරීම අද (18) සිට ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 18 March 2020
බණ්ඩාරගම රිය අනතුරකින් අට හැවිරිදි දරුවෙක් මරුට බණ්ඩාරගම ගල්තුඩේ හන්දියේදී අද (18) පස්වරුවේ යතුරුපැදියක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පිටුපස ගමන්ගත් අට හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පැවසීය. 18 March 2020
කාංසා පැළ 2000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේදී කංසා පැළ 2000 ක් සමග පුද්ගලයෙකු බුත්තල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් අද (18) අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පැවසීය. 18 March 2020
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025