(එම් .සුසිල් ප්‍රියන්ත සහ සරත් ආනන්ද )
බද්දෙගම -නාගොඩ මාර්ගයේ මීමැඩුම පාලම අසළදී ලොරි රථයක් අද (19) මාර්ගයෙන් ඉවතට පැන ගිංගඟට පෙරළීමෙන් රියැදුරු අනූනමයෙන් දිවි ගලවාගෙන ඇති බව බද්දෙගම පොලීසිය කියයි.
වෙනත් රථයකට ඉඩදීමට ලොරි රථය පසුපසට ගැනීමට යාමේදී එය පාරෙන් ඉවතට පැන අඩි 30ක ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇත.
අනතුර වන අවස්ථාවේදී රථයේ සිට ඇත්තේ, රියැදුරු පමණක් වන අතර, ඔහුට සුළු තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.
බද්දේගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd