(ජේ.කේ.එල් චාමින්ද)
ඇඳිරි නීතිය පැවතියද ගාල්ල නගර වැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කැළිකසල එකතුකිරීම අඛණ්ඩව සිදුකරන බව ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි.
අද දින (21) ගාල්ල මහනගර සභා බලප්‍රදේශයේ කැළිකසල බල ප්‍රදේශ 17 තුළම කැළිකසල එකතු කිරීමට කටයුතු කළ බවද ගාල්ල මහ නගරාධිපතිවරයා සදහන් කළේය.
එමෙන්ම හෙට දිනය තුළ (22) කෙරෝනා වයිරසය පැතිරයාම පාලනය සඳහා ගාල්ල දුම්රිය ස්ථානය, ගාල්ල බස්නැවතුම්පොළ, කරාපිටිය නගරය හා මහමෝදර රෝහල අසල විෂබීජහරණයට කටයුතු යොදා ඇති බවද නගරාධිපතිවරයා සදහන් කළේය.
මේ වනවිට විදේශීය රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් 122 දෙනෙකු සිය නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව පවසන නගරාධිපතිවරයා ඒ අය අතර විදේශිකයින් 7 දෙනෙකු සිටින බවද පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත මොවුන් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද ගාල්ල මහ නගරාධිපතිවරයා සදහන් කළේය.
මේ අතර ගලි බවුසර් හා අදාහනාගාර සේවය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ලේ කැලිකසළ එකතුකිරීම නවත්වන්නේ නැහැ