(චමිල් රෑපසිංහ)
ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ දී නීති විරෝධී කටයුතු වල නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකු අද (22) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පැවසීය.
පේරාදෙණිය පොලිසියට ලැබුණු තොරතුරක් මත බෝයගම ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු සහ
පේරාදෙණිය ඔගස්ටා වත්ත ප්‍රදේශයේදී හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයින් තිදෙනෙකු සහ ගංජා සන්තකයේ තබා ගත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
සූදු ක්‍රීඩාව කිරීම සඳහා සැකකරුවන් පැමිණි වාහනයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හෙට (23) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd