(ඩී.කේ.රත්න)
කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේදී කංසා පැළ 2000 ක් සමග පුද්ගලයෙකු බුත්තල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් අද (18) අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයෙකි.
බුත්තල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට ලැබුණු කොරතුරකට අනුව කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
කංසා හේනේ කංසා පැළ අඩි 7ක් පමණ උසට ඉතා සරුවට වැවී තිබූ බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොස්ලන්ද පොලීසියට බාරදී ඇත.
නොස්ලන්ද පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd