(ඩබ්ලිව්.ඒ. අසේල)
ඇදිරි නීතිය අස්සේ අද සවස (21) තලාතුඔය මයිලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරු පොලක් වටලා සූදුකෙළියේ යෙදුණු 6දෙනෙකු තලාතුඔය පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොරෝනා උපදෙස් ද නොතකා 20දෙනෙකු පමණ එක්වී මෙම බූරු පොල පවත්වාගෙන ගොස් ඇති අතර පොලිසිය වටලන විට කිහිප දෙනෙකු පැන ගොස් ඇත.
අත්අඩංගුවට පත් එක් අයෙක් අත මත්ද්‍රව්‍යද තිබී ඇති අතර බූරු පොලේ තිබූ රුපියල් 6,000ක පමණ මුදලක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ කිෂාන්ත මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd