(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
නාරම්මල හෙළ ඇගලුම් සමූහ ව්‍යාපාරය විසින් මුඛ ආවරණ 20000 ක් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට අද (24) සවස කටයුතු කළේය.
මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජූන තිලකරත්න මහතා විසින් රජය වෙනුවෙන් මුඛ ආවරණ තොගය බාරගත් අතර මෙම මුඛ ආවරණ මධ්‍යම පළාතේ සියලුම රෝහල් කාර්‍ය මණ්ඩලය වෙත බෙදා හැරීමට නියමිත බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.
රටේ පවතින ඇදිරි නීති තත්වයද නොසලකා හෙල ඇගලුම් ආයතනයේ සේවක සේවිකාවන් 35 දෙනෙකු පමණ මෙම සත්කාරය සාර්ථක කර ගැනීමට දායක වූ බව ආයතනයේ සාමාන්‍යාධිකාරී නිලන්ත කස්තුරිආරච්චි මහතා පැවසීය.
අධ්‍යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම මත මෙම අවස්ථාවට ආයතනයේ මානව සම්පත් කළමණාකාර මධුර අබේසේකර, මෙහෙයුම් කළමණාකාර සුසන්ත රණවීර සහ නිෂ්පාදන කළමණාකාර සංජිත් උදය කුමාර යන මහත්වරුද එක්ව සිටියහ.
මෙම මුඛ ආවරණවල වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බව හෙළ ආයතනයේ පාලනාධිකාරිය පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
’’හෙළ’’ ව්‍යාපාරය මුඛ ආවරණ 20000 ක් පරිත්‍යාග කරයි