IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මහර බන්ධනාගාර නිලධාරීන්ට වියළි ආහාර මල්ලක්

(කවිතා සුබසිංහ)

කොරෝන වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රජයේ  හා සෞඛ්‍ය  අංශවල වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් බන්ධනාගාර නේවාසිකයන්ගේ ආරක්ෂාව හා රැකවරණට දිවා රාත්‍රී සේවයේ යෙදී සිටින මහර බන්ධනාගාරයේ සහ ඊට අනුබද්ධ ආයතනවල සේවය කරනු ලබන නිලධාරින්ට සහන මිලට වියළි ආහාර ද්‍රව්‍ය හා නැවුම් එළවළු පාර්සල් ලබාදීම අද (26) මහර බන්ධනාගාර පරිශ්‍රයේදී සිදුකෙරිණි.

මෙම ආහාර පාර්සල් සදහා හාල් , පරිප්පු, ලුණු, සෝයා,සැමන්,අල ,නුඩ්ලස්,කඩල,සමෂෝෂ, තේ කොළ , පස්පංගුව, තුනපහ වර්ග , පැනඩෝල්, බිස්කට් සහ එළවළු වර්ග10 කට අධික ප්‍රමාණයක් අඩංගු වනු ඇත.

මහර බන්ධනාගාරයේ සේවයේ නියුතු සියළුම නිළධාරින් සදහා කඩිනමින් මෙම ආහාර පාර්සල් ලබාදීමට කටයුතු කරන අතර ඒ සදහා අයකරනු ලබන සුළු මුදල රටේ පවතින හදිසි තත්වය පහව ගිය පසුව නිළධාරින්ට පහසු පරිදි ගෙවීමටද බන්ධනාගාර අධිකාරිතුමන් විසින් අවසර ලබාදී ඇත.  

ආරක්ෂක අංශ සමගින් සෞඛ්‍ය අංශය ගෙනු යනු ලබන වැඩපිළිවෙලට නොමද සහාය ලබාදෙමින් කටයුතු කරන බන්ධනාගාර නිළධාරින් සිය පුද්ගලික වගකිම් හා යුතුකම් පවා පසෙකලා රාජකාරියට කැපවෙමින් නිවාඩු නොලබා සිදු කරනු ලබන රාජකාරිය අගය කරමින් සහ ඇතිවී ඇති තත්වය හමුවේ නිළධාරින්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලීමට සහාය විමට මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබිණි.



අදහස් (0)

මහර බන්ධනාගාර නිලධාරීන්ට වියළි ආහාර මල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31772 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14228 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11147 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 214 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 320 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site