(තිලකරත්න දිසානායක)
ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී අද (26) පෙරවරුවේ ධීවර සංස්ථාවට අයත් යක්කල වෙළඳසල විවෘත කර පාරිභෝගිකයින්ට මාළු අලෙවි කරමින් තිබියදී පොලීසිය වහා පැමිණ එය නවතා දැමීමට පියවර ගත් ආකාරයක් දක්නට ලැබිණි.
යක්කල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් සුසන්ත මහතාගේ උපදෙස් පරිදි වෙළෙඳසල වෙත පැමිණි පොලිස් නිලධාරීන් විසින් ජනතාව එක් රැස් වන අයුරින් වෙළඳාම් නොකරන ලෙසට තරයේ අවවාද කරමින් ජනතාවට ඉවත්ව යන ලෙස දැනුම් දුන්හ.


COMMENTS
මෙවැනි වෙලාවල මිනිසුන් එළවන්න එපා. පෝලිමක් සාදා බඩු අහවර වෙන තෙක් ගන්න දෙන්න. උවමනානම් නැවත විකිණීම නවත්වන්න. තැනින් තැන මේ ලෙස විකිණීමෙන් තදබදය අඩුකළ ගත හැකියි. මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න.