(එම් .සුසිල්  ප්‍රියන්ත)

කොරෝනා වයිරසය නිසා අපහසුතාවයට පත්ව සිටින රත්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පදිංචි ජනතාවට සහන සැලසීම සදහා  ප්‍රාදේශීය  සභා අරමුදලින් ලක්ෂ 50 ක මුදලක් වෙන් කර ඇතැයි රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.නිමල් මහතා පවසයි.

පක්ෂ විපක්ශ සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් මෙම මුදල වෙන් කළ බවද ඒ මහතා පැවසීය.

සිය බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ නොමිලයේ ලබාදීම , නිවෙස්වලට කොටුවී සිටින ජනතාවට අවශ්‍ය බෙහෙත් වර්ග නිවසටම ගෙනත් බෙදාදීම , වියළි ආහාර ද්‍රව්‍ය  සහන මලු බෙදා දීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන බවද නිමල් මහතා කීය.