IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කොට්ටුකච්චිය ගම්වැසියෝ වගාවට සැරසෙති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පවතින කොරෝනා වසංගතයත් සමග ආහාර හිගයක් ඇති වුවහොත් ඒ සදහා මුහුණ දිමට හිමිනමක් ගම්වැසියන් පිරිසක් සමඟ එක්වි කැලැවට ගිය බිමක් ගොවි බිමක් බවට පත් කිරිම සදහා වෙහෙසෙමින් සිටිති.
 
ආණමඩුව කොට්ටුකච්චිය කිවුල කටුව විහාරස්ථානයේ විහාරාධිපති කොට්ටුකච්චියේ උත්තරා නන්ද හිමියන් තම ගම් වැසියන් සමග එක්වි අක්කර 10 කට ආසන්න කැලැවට වැසි තිබු බිමක් සමුහ ගොවිපලක් ලෙස සකස් කරමින් සිටින අයුරු දැක ගත හැකි විණි.
 
ගම්වැසියන් පවසන්නේ කොරෝනා වසංගතය හමුවේ නිවෙස් වලට වි කාලය විනාශ නොකර රජයේ ආරක්ෂීත ක්‍රමවේදයන්ට අනුව මේ වන විට කලක් කැලැවෙන් වැසි තිබු බිමක් මේ වන විට එලිපෙහෙලි වෙන බවයි .
 
එසේම ඉදිරි දින කිපය තුළදි මෙහි එළවළ වර්ග සේම ධාන්‍ය වර්ග වගා කිරිමට සුදානම් වන බවය.
 
මේ පිළිබදව අදහස් දක්වමින් සිටි කොට්ටුකච්චියේ උත්තරානන්ද හිමියන් පවසා සිටියේ මෙවැන්නකී
 
 “ගමේ තරුණ පිරිසත් මැදි වියේ පිරිසත් කාලය කා නොදමා මේ වාගේ කටයුත්තකට යොමු වෙමු කියලා මම ආරාධනා කලාම එක පයින්ම සියලු දෙනා එකගතාවය දැක්වුවා .
 
මේ වන විට කැළැව එළි පෙහෙලි කර අවසන් මේ ගොවිපලට අවශ්‍ය ජලයත් ඉඩමට උඩින් තිබෙන වැවෙන් ලබා ගන්න හැකියාව තිබේනවා ඒ නිසා අපිට ජල ගැටළුවක් නැති වෙයි .
 
අපේ අරමුණ ගමේ මිනිසුන්ට මේ මේ ගොවිපලෙන් එළවළු , පළතුරු වගේම ධාන්‍ය ටිකක් ලබා දිමයි .අපේ අරමුණ ජය ගන්න අපිට පුළුවන් ඒ හිමියන් පැවසිය.

 



අදහස් (1)

කොට්ටුකච්චිය ගම්වැසියෝ වගාවට සැරසෙති

rasika Sunday, 05 April 2020 12:27 PM

හොද වැඩක් ,අනිත් ප්‍රදේශත් වැඩ පටන් ගන්න . ඩෙංගු මර්දනයට හොදම වෙලාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 816 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2461 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1772 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site