පැතුම් දර්ශන
හොරොව්පොතාන ආනොලොන්දැව ප්‍රදේශයේදි වල්අලියෙකුගෙ පහරකෑමට ලක්වූ පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන, තිඹිරිඅත්තාවල ප්‍රදේශයේ පදිංචිව සිටි හලීම් අබ්දුල් අස්වර් නැමැති 36 හැවිරිදි දෙදරු පියෙකි.
ආනොලොන්දෑව ප්‍රදේශයේ පිහිටි ඔහුගෙ වගාවට ගොස් නැවත නිවස බලා එමින් සිටියදි මෙම පහර කෑමට ලක් වී ඇති බව පොලිසිය වැඩිදුරටත් කියයි.
වල් අලියා පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් ඒ මොහොතේම කපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.
මිය ගිය පුද්ගලයාගේ සිරුර මේ වන විට කපුගොල්ලෑව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
816
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1772
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වල් අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මරුට