පැතුම් දර්ශන
හොරොව්පොතාන ආනොලොන්දැව ප්‍රදේශයේදි වල්අලියෙකුගෙ පහරකෑමට ලක්වූ පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන, තිඹිරිඅත්තාවල ප්‍රදේශයේ පදිංචිව සිටි හලීම් අබ්දුල් අස්වර් නැමැති 36 හැවිරිදි දෙදරු පියෙකි.
ආනොලොන්දෑව ප්‍රදේශයේ පිහිටි ඔහුගෙ වගාවට ගොස් නැවත නිවස බලා එමින් සිටියදි මෙම පහර කෑමට ලක් වී ඇති බව පොලිසිය වැඩිදුරටත් කියයි.
වල් අලියා පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් ඒ මොහොතේම කපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.
මිය ගිය පුද්ගලයාගේ සිරුර මේ වන විට කපුගොල්ලෑව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd