( හේමලතා ඞී හේවගේ)
කොරෝනා වයිරසය මිනිස් සිරුරට ආසාදනයවීමට නොහැකිවන අයුරින් සිරුරේ ප‍්‍රතිශක්තිය වර්ධනය වැඩිකිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත ඖෂධ වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කළ දාරුහද්‍රාදී චූර්ණය පන්නල හා ගිරිඋල්ල ජනතාවට බෙදා දීම අද (01) සිදු කෙරිණි.
පන්නල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ආයුර්වේද ප‍්‍රජා සෞබ්‍ය වෛද්‍ය ඒකකය එක්ව පන්නල සහ ගිරිඋල්ල යන නගරයන්හිදී ප‍්‍රථමවරට ජනතාව අතරේ නොමිලේ බෙදා දුන්නේය.
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ අද උදෑසන 6. 00 ට ඇඳිරිනීතිය ඉවත්කිරීමත් සමග මෙම නිෂ්පාදන 2500 ක් මහජනතාව අතරේ බෙදාදීමට කටයුතු කළ බව සෞබ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය සංවර්ධන නිළධාරී ධනුෂ්ක සමරනායක මහතා මෙහිදී පැවසීය.
පන්නල සහ ගිරිඋල්ල නගරවලදී සෞබ්‍ය නීතිරීතිවලට අනුකූලව ජනතාව අතරේ දුරස්තභාවය රැකගනිමින් මෙම ප‍්‍රජාසත්කාරය සිදකරනු ලැබූ අතර මේ සඳහා මූල්‍යමය දායත්වය කටුගම්පොල පියදසුන පදනම මගින් දරා ඇතිබවද සඳහන්වේ.


2025 නොවැම්බර් මස 04
816
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1772
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන්න ආයුර්වේදයෙන් ඖෂධයක්