IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ලග්ගල වනඅලි මාරයා සොයයි

(දිල්රුක්ෂි ග්‍රේරු)

ලග්ගල දා ගැවිල්ල ප්‍රදේශයේ  දාගැවිල්ල වැව ඉස්මත්තේ  වෙඩි වැදීමකින් මිය ගිය අලියකුගේ සිරුරක් තිබී හමු වූ බව ලග්ගල වන සත්ව අඩවි කාර්යාලය කියයි.
 
වයස අවුරුදු19 ක් පමණ වන මෙම අලියාට  යම් පුද්ගලයකු  වෙඩි තබා ඇති බවත් එයින් මොළයට ලේ ගමන් කිරීමෙන්  මෙම  මරණය සිදු ඇති බවට ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ  පංශු වෛද්‍ය දිනුෂාද සිල්වා මහත්මිය පැමිණි සිදු කළ මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව ලග්ගල වනසත්ව අඩවි කාර්යාලයේ  ස්ථාන බාර නිලධාරී වන සත්ව අඩවි ආරක්ෂක එස් ඩබ්ලිව් සංජිව මහතා සඳහන් කළේය.
 
 මීට පෙරද මෙම ස්ථානයේදී අලි පැටවකු මරණයට පත්ව සිටියදී සොයාගත් බව පැවසූ  සංජීව මහතා සඳහන් කළේ මේ සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව සොයා බලා දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවය.
 
 එමෙන්ම නැවත පදිංචිකරිීම් සමඟ ජනාකීර්ණ වී ඇති මෙම ප්‍රදේශයන්හි බොහෝ පුද්ගලයින් සතුව රජයෙන් ලබා දෙන ගිනි අවි  ඇති බවත්,ඒවායින් සිදු වනුයේ සතුන්ගේ ජීවිත නැතිවීම හෙයින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් විධිමත්  ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම් බවද කීවේය.
 
 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,පොලීසිය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව එම ගිනි අවි සම්බන්ධ සොයා බලා අවශ්‍ය  පුද්ගලයින්ට පමණක් ඒවා ලබා දී සෙසු ඒවා රජයට ලබා ගැනීමට එහිදී කටයුතු කළ හැකි වෙතැයිද ඔහු  පැවසීය.
 
අනතුරුව විධිමත් අයුරින් එම ගිනි අවි ලබාදීම සඳහා හැකි වෙතැයිද ඔහු සඳහන් කළේය.
 
එය ජනතාවට මෙන්ම සත්ත්ව ජීවිත සුරක්ෂිත කිරීමටද ඉතා ප්‍රයෝජනවත් වෙතැයි තමා සිතන බවද  වනජීවී අඩවි ආරක්ෂක සංජීව මහතා සඳහන් කළේය.

 



අදහස් (1)

ලග්ගල වනඅලි මාරයා සොයයි

lanka Sunday, 05 April 2020 05:18 PM

මේ කනගාටුදායක සිද්දියක් වුවත්, විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයෙන් යැපෙන්නන් බහුල ලංකාව වැනි රටක වැළක්විය නොහැකි දෙයකි. මේ පුවතට පහලින් තබ්බෝව ප්‍රදේශයේ මිනිසෙක් වන අලි පහර දීමෙන් මිය ගිය බවක් පළවුනා. අලි මිනිස් ගැටුමේදී අප ගත යුත්තේ වන අලින්ගෙන් බැට කන අසරණ ගොවීන්ගේ පැත්තයි.

:       102       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31744 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14205 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11138 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1140 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site