රංජිත් රාජපක්ෂ
නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සලක් කඩා කිසියම් පිරිසක් අද(03) මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
අලුයම 1 ට පමණ එම මත්පැන්සැලේ ඉදිරිපස දොරගුළු කඩා ඇතුළු වු පිරිසක් මත්පැන් බෝතල් තොගය රැගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම මත්පැන් සැලේ රාක්ක වල සහ ගබඩා කර තිබු දේශීය සහ විදේශීය රටවල් වල නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතල් මෙසේ සොයගෙන ඇත්තේ.
සොරාගෙන ගොස් ඇති මත්පැන් බෝතල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහක් වන බවට දැනට තක්සේරු කර ඇත.
සොරාකම් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd