(එම් .සුසිල් ප්‍රියන්ත)
ඇඳිරි නීතිය හේතුවෙන් කොටුවී සිටි මාදු ගඟේ දූපත් වාසී පවුල් 300 කට වියළි ආහාර මලු බෙදාදීමට බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරස්ථ සාමනේර හික්ෂු ආකල්ප සංවර්ධන විද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා අද (03) පියවර ගනු ලැබූහ.
එම විද්‍යාලයේ විද්‍යාලාධිපති ගාලු දිසාවේ වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක බ්‍රාහ්මණ වත්තේ විමලවාස තිස්ස හිමියන්ගේ සංකල්පයක් මත යෝගාශ්‍රම විහාරස්ථ භාරකාර මණ්ඩලයේ සභාපතිනි සුමේන්ද්‍රා ද සිල්වා මහත්මිය ඇතුලු නිලධාරීන්ගේ මූල්‍ය දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රියාව හොඳ වුනත් කරලා තියෙන විදිය නරකයි. කුඩා සාමනේරවරු එක ගොඩේ. මොන කරුමෙකට හරි ඔය දුපතේ කෙනෙක්ට ඔය ලෙඩ තිබුනොත්? ඕවට සංචාරකයෝ යනවා නේද නිතරම?