ඩී.ජී.සුගතපාල
මාර්තු මස පළමුවන දිනෙන් පසුව විදේශ රටවල සිට පැමිණ ඇති සියලුම පුද්ගලයින්ට ලියා පදිංචිවීම සඳහා දී තිබු අවසන් දිනය වු අප්‍රියල් (01) වන දින දහවල් 12.00 දක්වා කාලය තුල ලියා පදිංචි නොවු පුද්ගලයින් පිළිබඳ සොයාබලා අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා ඔවුන්ගේ නාම ලේඛන අදාල පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යවා ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවේ මේ මස පළමුවන දින දක්වා ගාල්ල පොලිස් අධිකාරි කොට්ඨාසයේ ඇති පොලිස් ස්ථාන 15කලියා පදිංචිවු පුද්ගලයින් 1473ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවය.
එම පිරිසෙන් ප්‍රථමයෙන්ම ලියා පදිංචිවි ස්වයං නිරෝධායනයට යොමු කරන ලද පුද්ගලයින් 600ක් අද (03) වනවිට ස්වයං නිරෝයාධනය අවසන් කර ඇති බවද තවත් 873ක් නිරෝධායනය වෙමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසිය.
මෙසේ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති පිරිස අතර ලාංකිකයින් මෙන්ම විදේශිකයෝ කිහිප දෙනෙක්ද වෙති.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා වැඩි දුරටත් පැවසුවේ විදේශ රටවල සිට පැමිණි සියලු දෙනාම ලියා පදිංචි විය යුතු බවට රජය විසින් දෙන ලද උපදෙස් අනුව ලියා පදිංචි නොවි ඇති පුද්ගලයින්ගේ නාම ලේඛණ සියල්ලම ලැබි ඇති අතර ඒ අනුව ඔවුන් සොයා මෙසේ පරික්ෂණ ආරම්බ කර ඇති බවය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදේශගතව සිට පැමිණ ලියාපදිංචි නොවූ අය සොයා ගාල්ලේ පරීක්ෂණ