කේෂර ගුණතිලක
විදේශ රටවල සහ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල රැකියාවන් වල නිරතව සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පුද්ගලයින් 2245 දෙනෙකු නිවෙස් වල සිට නිරෝධායනය වන බැව් මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
විදේශ රට වල සිට පැමිණි පුද්ගලයින් 140 දෙනෙකුද කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයින් 1095 දෙනෙක්ද මෙලෙස නිවෙස් වල නිරෝධායනය වෙමින් සිටිති.
මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පාලිත අධිකාරි මහතාගේ උපදෙස් පිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ අධීක්ෂණය යටතේ මෙම පිරිස නිරෝධායනය වන බැව් සඳහන් කළ දිසාපතිවරයා දින දහහතරක් ඔවුන් නිවෙස්වලම රැඳීසිටිය යුතු බවද සඳහන් කළේය.
මීට අමතරව කෝවිඩ්19 රෝගය වැළඳී ඇති බවට සැක සහිත රෝගීන් තිදෙනෙක්ද මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොනරාගල 2245 ක් ස්වයං-නිරෝධායනයේ