( තිලකරත්න දිසානායක.)
රට තුල පවතින තත්ත්වය මත සිය දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට නොහැකිවීම හේතුවෙන් ආදායමක් නොමැති ගම්පහ දිස්ත්‍රික්කයේ සැමට මාසිකව රුපියල් 5000 ගෙවීමට අද (4) තීරණය කෙරිණි.
මේ යටතේ මීට පෙර දීමනා ගෙවීමට තීරණය කර ඇති පිරිසට අමතරව පවුලේ ආර්ථික මට්ටම අඩු තත්ත්වයෙන් පසුවන පෞද්ගලික බස් රියදුරු සහ කොන්දොස්තරවරුන් , ත්‍රී රෝද රථ රියදුරන්, පාසල් වෑන් රථ රියදුරන්, සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් , පෙර පාසල් ගුරු මහත්මීන් ඇතුළු සැමට රුපියල් 5000 ක දීමනාව ලබා දීමට අද දහවල් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ දිසාපති සුනිල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා තත්ත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළෙහි ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තීරණය කෙරිණි.
මෙම ගෙවීම් සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 1177 හි තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙස දිසාපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දෙනු ලැබීය.
මේ අතර ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ මැදිහත්වීම යටතේ සමූපකාර සහ සතොස මගින් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම පිණිස තීරණ ගන්නා ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දැනුම් දෙමින් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් පොලීසියට පියවර ගන්නා ලෙසට දැනුම් දුන්නේය.
කර්මාන්තශාලා පවත්වා ගෙන යාමට නොහැකිවීමෙන් ඉදිරියේදී අවශ්‍ය ද්‍රව්‍ය හිගයක් ඇති වියහැකි බව මෙහිදී ප්‍රකාශ වූ අතර මීට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන්කර සිටියේ සෞඛ්‍යාරක්ෂිත අන්දමින් කර්මාන්තශාලා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවය.
දැනට ගම්පහ දිස්ත්‍රික්කය තුල වගා කෙරෙන අතිරික්ත අන්නාසි , බුලත් සහ වෙනත් පළතුරු වර්ග පිටස්තර ප්‍රදේශයන් කරා යැවීම පිනිස අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසට දිසාපති සුනිල් ජයලත් මහතා විසින් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත දැනුම් දෙනු ලැබූ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පවතින තත්ත්වය හමුවේ තවත් මාසයක පමණ කාලයකට සූදානම් වියයුතු බවය.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී සැමට දීමනාවක්