( කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී අද(06) පෙරවරුවේ කැබ් රථයක් යතුරුපැදියක ගැටී අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් ගත් අඹුසැමි යුවළක් මියගිය බව දඹුල්ල පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ බොරවැව සෙවනපිටිය ලිපිනයේ පදිංචි ඩබ්ලිව් .පුංචිබණ්ඩා සහ ආර් .එම් .විමලා ධර්මසිරි යන දෙදෙනෙකු බව පොලීසිය හඳුනාගෙන තිබේ.
යතුරුපැදිය දඹුල්ල දෙසින් හබරන දෙසට ධාවනය වෙමින් තිබියදී යතුරුපැදියට ඉදිරියෙන් ගිය තවත් කැබ් රථයක් වේගය පාලනය කරනවාත් සමඟ යතුරුපැදිකරු එම කැබ් රථය ඉස්සර කිරීමට යෑමේදී එම රථයේ බඳේ වැදී ප්‍රධාන මාර්ගයට දෙදෙනාම ඇද වැටෙනවාත් සමග හබරණ දෙසින් දඹුල්ල දෙසට ධාවනය වූ කැබ් රථයට යට වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය කියයි.
අසල තිබූ ඉන්ධන පිරවුම් හලක ආරක්ෂිත කැමරාවේ මෙම අනතුර සටහන්ව තිබිණි.
අනතුරට පත් රථය පොළොන්නරුව ප්‍රාදේශිය ලේකම් වරයාගේ කාර්යාලයට අයත් කැබ් රථයක් බවත් ප්‍රාදේශිය ලේකම්වරයාගේ බිරිඳ සහ දරුවෙකු දඹුල්ල ප්‍රදේශයේ නිවසට ඇරලවීම සඳහා ගමන් කරමින් තිබියදී මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
මියගිය අඹුසැමි යුවළ පොලොන්නරුව මොරවැව සෙවණපිටිය ලිපිනයේ පදිංචිව සිටිය ද ගලේවෙල දේවහුව ප්‍රදේශයේ තාවකාලිකව නැවතී සිටින බවත් දෙදෙනා යතුරුපැදියෙන් දේවහුව සිට නැවත බොරවැව සෙවනපිටිය ට ගමන් කරමින් සිටියදීය අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.
අනතුර සිදු වනවාත් සමඟ යතුරුපැදිය බඳේ ගැටුණ කැබ් රථය එම ස්ථානයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
ආරක්‍ෂිත කැමරා උපයෝගීකරගෙන එම රථය අත්අඩංගුවට ගැනීම සඳහා පියවර ගන්නා බව දඹුල්ල රථවාහන පොලීසියේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
මියගිය දෙදෙනාගේ මෘත දේහයන් දඹුල්ල රෝහලේ තැන්පත් කොට ඇති අතර පොලොන්නරුව ප්‍රාදේශි ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයේ රියදුරු සැකපිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.



2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැබ්රියක ගැටුණු යතුරු පැදියේ ගමන් කළ අඹු සැමි යුවළ මරුට
Raveendra Monday, 06 April 2020 04:54 AM
හරිම අවාසනාවන්ත සිදුවීමක්. ඔබ දේපොළට නිවසුව අත්වේවා !!!