තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයකු රෝහලේ ඉංගිරිය නගරයේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි. 6 years ago
ගෝන මස් ළඟ තබා ගත් පුද්ගලයකුට දඩ දැඩි ආරක්ෂිත සතෙකු වන ගෝනෙකුගේ මස් කිලෝ එකක් ශීතකරණයක ගබඩාකර සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 30,000ක දඩයක් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය දිසා විනිසුරු,මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (22) නියෝග කළාය. 6 years ago
රත්නපුර තැපැල් ඡන්දයට 31638 ක් සුදුසුකම් ලබති මෙවර මහමැතිවරණය සඳහා රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායකයන් 31,638 ක් සිය තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය 6 years ago
අනවසරයෙන් වැලි ගොඩ දැමූ පිරිසක් ට්රැක්ටර්ද සමඟ පොලිස් බාරයට පොළොන්නරුව වැලිකන්ද බෝවත්ත මොත්තරම ප්‍රදේශයෙන් වැලි ගොඩ දමා ප්‍රවාහනය කරමින් සිටි ට්‍රැක්ටර් හතරක් සහ පුද්ගලයන් පිරිසක් අද (22 ) අල්ලාගෙන වැලිකන්ද පොලිසියට භාර දිමට අද දහවල් බෝවත්ත ගොවි සංවිධාන නියෝජිතවරුන් පිරිසක් කටයුතු කර තිබූ බව පොලීසිය කියයි. 6 years ago
වීරකැටිය ප්‍රා. සභා සභාපති පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පාති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට විරෝධය පළ කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබෙන් එළියට පැමිණීමත් සමගම අද (22) පැවති සභාවාරය කල් තැබීමට සභාපතිවරයාට සිදු විය . 6 years ago
බඹරු ඇනීමෙන් වතු කම්කරු කාන්තාවන් 5දෙනෙකු රෝහලේ ආගරපතන, ග්ලාස්ගෝ වත්තේ සේවය කරන වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු බඹරු ඇනීමෙන් තුවාල ලබා අද (22) ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. 6 years ago
බීමත් රියදුරන් 10දෙනෙකුට දඩ බීමත්ව රිය ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් රියදුරුන් 10 දෙනෙකුට රුපියල් 250,000 ක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර.සී.ඒ.සමරදිවාකර මහතා අද(22)නියම කළේය. 6 years ago
‘තේ වගාව සඳහා පස පුනරුත්ථාපනය කිරීමට නව මානා වර්ගයක්‘ පහතරට තෙත් කලාපයේ නැවත තේ වගා කිරීමේ දී වසරක කාලයක් තුළ පස පුනරුත්ථාපනය වන වැඩි දියුණුකළ සී ඕ 3 හෙවත් දොළොස් මහේ මානා නම් තෘණ වර්ගය හඳුන්වා දීම තුළින් තේ ගොවීන්ට අඩුකාලයක් තුළ නැවත වගාවෙන් ආදායම් ලැබිය හැකි බව පහතරට තේ පර්යේෂණායතනයේ ප්‍රධානී සහ ප්‍රධාන තේ පර්යේෂණ නිලධාරී ආචාර්ය එම්. ඒ විජේරත්න මහතා අවධාරණය කරයි. 6 years ago
දිනක් වයසැති බිළිඳිය වතුර ටැංකියක් අසල දමා යයි දිනක් වයසැති බිලිඳියක් මිරිජ්ජවිල කපුවත්ත වතුර ටැංකිය අසල දමා ගොස් තිබියදී අද (22) උදෑසන හමු වූ බව අම්බලන්තොට පොලිසිය පවසයි. 6 years ago
කටුගස්තොට-කුරුණෑගල මාර්ගයේ සිරුරක් කටුගස්තොට-කුරුණෑගල මාර්ගයේ අලදෙණිය නගරයට ආසන්නව මාර්ගය අයිනේ බරපතල තුවාල සහිතව මිය ගොස් සිටි නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් කටුගස්තොට පොලීසියේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ. 6 years ago
කුකුළු මස් සඳහා පාලන මිලක් ඉල්ලා උද්ඝෝෂණයක් කුකුළු මස් සදහා සාධාරණ පාලන මිලක් ඉල්ලා ගාල්ල නගරයේ කුකුල් මස් අලෙවිසැල් හිමිකරුවෝ සහ එහි සේවකයෝ අද (22) උදෑසන විරෝධතාවක නිරත වූහ. 6 years ago
දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට -දෙදෙනෙක් රෝහලේ කැපුන්ගොඩ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලත් වෛද්‍යවරයකු ඇතුලු තිදෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මරණයට පත්ව ඇතැයි දුන්ගාල්පිටිය පොලිසිය කියයි. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago